ඔබ වෙනුවෙන් අපි

__________________________________________________________________________________________

Advertisements

හැක් කිරීම සාධාරණ ද?

මම මේ දවස්වල කම්මැලිකමට කරන්නෙ හැක් කරන එක. හැබැයි මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. හැක් කරන එක සාධාරණ ද ?  අසාධාරණ ද ? මේ මාගේ හැඟීම –  මම හිතන විදියට නමි හැක් කිරීම ප්‍රශ්ණයක් නෑ. ඒත් මට ඒක සාධාරණයි කියන්න නම් බෑ. හැක් කිරීමේ ප්‍රශ්ණයක් නැති වෙන්නෙ එක් තරා වූ සීමාවකට හැක් කරොත් පමණයි. අපි හැක් කිරීමේදී ඊට ගැළපෙන මෘදුකාංග තෝරා ගන්න ඕන. හැම තිස්සෙම හැක් කිරීමේදී ඊට නිදහස් නොවන මෘදුකාංග තෝරා ගැනීම වැදගත්. නිදහස් මෘදුකාංග නිකුත් කරනුයේ  කේත අරගෙන වෙනස් කරන්න මිස හැක් කරල වෙනස් කරන්න නෙමෙයි.  මුදලට විකුණන මෘදුකාංග හැක් කිරීමේ වරදක් මම දකින්නෙ නෑ. නමුත් හැක් කරන ලද මෘදුකාංග වානිජ දියුණුවට යොදා ගැනීමනම් වැරදියි කියලයි මම හිතන්නෙ. හැක් කිරීම යම් තාක් දුරට මෘදුකාංග දියුණුවටත් බලපානවා. ඒ කොහොම ද කිව්වොත් අපි මෘදුකාංගයක් හැක් කිරීමෙන් ඊට එකතු කරන අලුත් පහසුකම් එම මෘදුකාංගයේ අලුත් පරම්පරාවක් නිර්මාණය කරනවා. මේ කොහාම වුනත් තමන් හදපු මෘදුකාංගයක් තමන් ඉස්සරහම හැක් කරොත් ඔබට මොනවා හිතෙයි ද ? ලොකු ප්‍රශ්ණයක් ?

_______________________________________________________________________________

බිල් ගේට්ස් ට ප්‍රශ්න දහයක්

මේ ලඟදී අපේ තාත්තාගේ ඊ මේල් එක ට මරු ඊ මේල් එකක් ඇවිල්ලා තිබුණා. මේකේ අහලා තියෙන්නේ බිල් ගෙට්ස්ගේ සමාගම විකුණනවා නම් ඔහුට ඊට හේතු වන කරුණු 10 කුයි.

පුද්ගලයා : මම අපේ ගෙදර ට අලුත් කොම්පියුටරවක් ගෙනාවා ඒකේ තියෙන ප්‍රශ්න ටිකක් ඔබට දන්වන්න හිතුණා.

  1. මේකේ “start” බොත්තමක් තියෙනවා ඒත් “stop” බොත්තමක් නැත.
  2. මේකේ රී-සයිකලයක් තියෙනවා ඒත් රී-ස්කූටරයක් නැත.
  3. මෙහි “find” බොත්තමක් තිබුණ ද මගේ බිරිඳ නැති කළ දොරේ යතුර හමු නොවින.
  4. මගේ දරුවා “Microsoft Word” ඉගෙන ගත්ත ද ඔහු ට “Microsoft Sentences” උගන්වනුයේ කෙසේ ද ?
  5. මෙහි “My Pictures” කියා ෆොල්ඩරයක් තිබුණ ද මගේ එකදු රූපයක්වත් මම එහි දමා නැත.
  6. Microsoft Office තිබුන ද මම පරිගනකය භාවිතා කරනුයේ නිවසේ ය.
  7. මෙහි “My Recent Documents” යනුවෙන් ෆෝල්ඩරයක් තිබුණ ද මෙහි “My Past Documents” යනුවෙන් ෆෝල්ඩරයක් නැත.
  8. මෙහි “My Computer” තිබුන ද මෙය මා පමණක් නොව මගේ දරුවන් ද භාවිතා කරයි.
  9. ඔබ මෙහි “My Computer” යනුවෙන් කියූව ද මම මවුසය, ස්පීකරය, කී බෝඩය ආදී සියල්ල මිලදී ගතිමි.
  10. ඔයාගේ නම “Gates” වුන ද ඔබ “WINDOWS” විකුණනුයේ ඇයි ?

_____________________________________________________________________________

මයික්‍රෝසොෆ්ට් නවතිනු !

වර්තමාන ලෝකයේ පරිගණකවලින් 90 % ක්ම පාලනය වනුයේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ කැමැත්ත අකමැත්ත අනුව ය. ඒ සියලුම පරිගණක හැසිරවිය යුත්තේ බිල් ‍ගේට්ස්ගේ කැමැත්ත අකමැත්ත මතය. මයික්‍රෝසොෆ්ට් සමාගම තවමත් තමන්ගේ එකඳු පරිගණක  වැඩසටහනක්වත් නිදහස් (open source) ක්‍රමයට පරිවර්තනය කොට නැත. තම ඒකාකාරී කැමැත්ත යටතේ තමන්ගේ අනසකට Bill Gates පරිගණක පරිශීලකයින්ගේ හිස නවා ගැනීමට උත්සුක වන මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරියේ පවතිනBad Vista ප්‍රධානම බාධකය නම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයයි (open source programming). එහෙයින් ඔවුන් මේ බාධකයෙන් පැන යාමට කමන්ගේ සුළු සුළු පරිගණක වැඩසටහන්වල කේත දැන් දැන් එළියට දැමීමට පොරෙ‍ාන්දු වී සිටින්නේ දහසකුත් කොන්දේසි යටතේ ය. නිදහස් පරිගණක වැඩසටහන්කරණයට (open source programming) පවා අගෞරවාකාර ලෙස විවිධ කොන්දේසි පනවන මයික්‍රෝසොෆ්ට් සමාගම මෙයින් බලාපොරොත්තු වනු‍යේ තමන්ගේ වැඩසටහන් තමන්ගේ ම අනසUbuntuක යටතේ  පවත්වා ගැනීම යන්න මාගේ හැඟීමයි. මේ සියල්ලට ම වඩා නිදහස් ලෝකයක වෙසෙන ලිනක්ස් තමන්ට රිසි පරිදි පරිගණකය හැසිරවීමේ නිදහස සැමට පවරා දී තිබේ.ඒ සඳහා කිසිඳු කොන්දේසියක් නැත. ඇති එකම කොන්දේසියනම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයේ (open source programming) අනාගතය රැකගැනීම උදෙසා එම අලුතින් බිහිවන වැඩසටහන ද නිදහස් පරිගණක වැඩසටහන්ක් (open source programming)  විය යුතු ය වීම යන්නයි. ඔවුන්ගේ සියළුම බලතල ඔවුන් අන් අයට පවරා දී ඇතත් ඒ කිසිඳු ආත්ම ගෞරවයක් නොමැති ලෙස නම් නොවේ. ඒ තමන්ගේ ම දිඟුවක් copy please (extension) එකක් යටතේ ය.නමුත් ලිනක්ස්ලා දැන් ඒවා “exe” යන දිඟව (extension) ටත් සරිලන සේ නිර්මාණය කරන්නේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදිය. ලිනත්ස් සියළුම මෙහෙයුම් පද්ධති (operating system) නිදහස් ඒවා වුවද මයික්‍රෝසොෆ්ට් සමාගම නම් කිසිඳු දිනක අඩුම ගණනේ “ඩොස්” “dos” (disk operating system) වලවත් කේත නිකුත් නොකරනු ඇත. මේ තත්වය  යටතේ මයික්‍රෝසොෆ්ට් සමාගමට අඳුරු වළාවක් සේ ලිනක්ස් කඩා පැන බිල් ගේට්ස් එල්ලා මැරීමට පෙර මරා එල්ලමට උත්සුක වනු ඇත යන්න මාගේ හැඟීමයි.

__________________________________________________________________________________________

මගෙන් තෑග්ගක්

මම අවුරුදු ගානක් හීන මවල බොහාම අමාරුවෙන් පරිගණක වැඩසටහනක් හැදුවා. ඒකට මගේ යාළුවොත් බොහො වශී වුනා. ඔය ගොල්ලොත් මේක ස්ථාපනය (install) කර ගෙන බලන්න. මේකෙන් කරන්නෙ ‍පරිගණක වෙළුම් (partitions) රූපක අතුරු මුහුණතක  සිට නිර්මාණයයි. මෙම වැඩසටහනේ නම “Virtual Partitioner”. මට තාම අවුරුදු අටයි. ඒ නිසා මම තමයි ලංකාවේ ලාබාලතම පරිගණක වැඩසටහන්කරු. මගේ මේ නිර්මාණය ඔබත් අරගෙන බලන්න.අනික මේක සම්පූර්ණයෙන්ම නිදහස් පරිගණක වැඩසටහනක් (open source program). ඔයගොල්ලාත් මේක බාගෙන (download) කරගෙන කේතවලින් (source codes) අලුත් වැඩියා කරලා මට කියන්න. එතකොට ඒකත් මම මෙතෙන්ටම දාන්නං.

Download Virtual Partitioner Source Codes

Download Virtual Partitioner

programing language – Microsoft (C) Visual Basic (C)

රූප සටහන් – snap shot

පොඩි කට්ට වැඩක් මේ zip ෆයිල් එකේ extension එක doc කියල වෙනස් කරලයි ඇත්තෙ. download කරල ඉවර වෙලා extension එක zip කියල වෙනස් කරගෙන extract කරගන්න

__________________________________________________________________________________

ආයුබෝවන්

” මේ මගේ ජීවිතේ පළවෙනි බ්ලොග් එක. තවම මේ බ්ලොග් එකට ලියන දේවල් ගැන මමවත් දන් නෑ. ඒ වුනාට වැඩියත් එක්ක හිතලනම් තියෙනවා. මම බ්ලොග් කියන ජාතිය දැනගෙනත් තාම වැඩි කාලයක් නෑ.අනික මට තාම අවුරුදු 13 යි. ඒ කියන්නේ 8 වසරේ.වැඩි විස්තර මං ගැන පිටුවේ ඇති.කොහොම වුනත් එදිනෙදා ජීවිතේ ඇතිවන දේවල් සාකච්චා කරන්න මේ තරම් හොඳ තවත් ක්‍රමයක් නෑ. මගේ පළවෙනි බ්ලොග් කියෙව්වාට බොහොම ස්තූතියි. ”

____________________________________________________________________________