Archive for the ‘ දිනපොත ’ Category

SLT හා සිංහල ෆයර්ෆොක්ස්

අපි ටෙලිකොම් එකට බැන්නට මොකද,දැන් නම් හොඳ කියන්නත් කාලයක් උදා වෙලා.මේකයි හේතුව, ඊයේ අපේ ඉස්කෝලේ ඒ කිව්වේ නාලන්දේ,ප්‍රදර්ශනයක් පැවැත්වුනා.මේකට logo_slt.gifඅන්තර්ජාල කුටියකුත් එක්කරල තිබුණා.මායි මගේ ෆ්‍රෙඩෙකුයි මේ පැත්තේ රවුමක් ගහන ගමන් මේකටත් මූණ දැම්ම.කුටිය වටේම කැරකිලා එනකොට එක තැනක‍ ප්‍රොාජක්ටරයක් තියල පොඩි වැඩ ටිකක් පෙන්නනව.මාත් ඉතින් බලාගෙන හිටිය.‍වේබ පේජස් ගැන එහෙම විස්තර කියල දීලා,වෙබ් පේජ් එකකුත් ඕපන් කළා.ඕපන් වුණේ සිංහල ෆයර්ෆොක්ස්වලින්,මාත් එක්ක හිටිය ෆ්‍රෙඩත් ඉන්ටනෙට් යන්ට බලාපොරොත්තු වන කෙනෙක්.මම මේ සිංහල ෆයර්ෆොක්ස් ගැන කතා මිනිහටත් කියල තිබුණා.මේක පෙන්නන්න හොඳ වෙලාව කියල හිතපු මම ඌටත් හොඳ ලෙක්චර් එකක් දුන්න.මට ඉතින් සන්තෝසෙ බෑ.සිංහල ෆයර්ෆොක්ස් දැක්කම,ඉන්නම බැරි තැන මම ටෙලිකොම් එකේ මාමලත් එක්ක කතාකරල ටිකක් දැන අඳුන ගෙන මේ ගැන විස්තර ටිකකුත් කිව්ව.කොහොම වුනත් ටෙලිකොම් එක මේ සැරේ නම් හොඳ වැඩකට අතගහල තියෙනවා.ඒකට මගේ ස්තූතිය.

ඒත් මට තව කතාවක් කියන්න තියෙනවා.මේ දෙසැමිබර් විජය පරිගණක සඟරාව සිංහල ෆයර්ෆොක්ස් හෑල්ලුවට ලක් කරල තියෙනවා.ඔවුන් දැන් වසර ගනනාවන සිට මයික්‍රොසොෆ්ට්ලට (කඩේ) යනවා.ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ අය කාට කඩේ ගියත් අනිත් පිලට මඩ ගහන්න බෑ.ඔවුන් පවසන්නේ මේක සිංහල පොරපිටියේ එක් සංදර්ශනයක් බවයි.එමෙන්ම මෙහි මෙලෙසද සටහන් වී තිබිණ

සිංහල වෙබ් බ්‍රවිසරය අරක- මේක හැදුවාය කියා ජනමාධ්‍ය හරහා
ලොකු ප්‍රචාරයක් දෙන හැම වෙලාවකම මිනිසුන් දුටු සිහිනය මෙයයි

මේ පවසන්නේ වෙබ් අඩවි භාෂා පරිවර්තක ගැනයි.ඔවුන් පවසන්නේ සිංහල වෙබ් අඩවි මාර්ගයෙන් අප සිංහල වෙබ් බ්‍රව්සරයක පහසුකම් දැඩි කොට පෙන්වූ බවයි.මේ අතර ඔවුන් පෙර පැවසූ පොරපිටියේ තවත් සංදර්ශනයක් ලෙස සිංහල යුනිකෝඩ් හඳුන්වා දී තිබේ.සමහර විට එම සඟරාව පවා සංස්කරණය කරන්නට ඇත්තේ සිංහල යුනිකෝඩ් මඟින් විය යුතුය,නමුත් අපේ නිර්මාණ හෑල්ලුවට ලක් කරන ඔවුන් මේ සඟරාව දිගින් දිගටම සිංහලෙන් පවත්වාගෙන යන්නේ ඇයි? ඔවුන්ගේ සැම සඟරාවකම අනිවාර්යයෙන්ම මයික්‍රොසොෆ්ට් පිළීබඳ ලිපියක් තිබේ.ලිනක්ස් ගැන ඔවුන් කටක්වත් අරින්නේ නැත.ඒ පිළීබඳ ප්‍රශ්නයක් නැඟුව හොත් ඔවුන් පවසනුයේ ලිනක්ස්වලට වඩා වින්ඩෝස් හොඳ බවය.තම රටේ නිර්මාණ තමුන්ම හෑල්ලුවට ලක් කරන සමාජයක් තුළ ඉංග්‍රීසි වටපිටාවෙන් මිදුණු සිංහල පරිගණකයක සිහිනයක් වත් දකින්නේ කෙලෙස ද?අප හෙමින් හෙමින් තබන ඒ අඩිතාලමට අකුල් හෙලන ම්ලේච්ඡයින්ද මෙරට ඇත.අපි ඊට අවාසනාවන්තයෝ ද?

තවත් වටිනා මිනිසෙකුගේ අහිමි වීම හා තවත් දෑ

කාලෙකින් ලිපියක් ලිව්වෙත් නැති හින්දා ඔන්න ඉතින් අද ලියන්න වෙලාවක් සෙට් වුණා.දුක තමා, ඉස්සර වෙලාම ලියන්න වෙලා තියෙන්නෙ දුක හිතෙන දේවල් නොවැ.අපේ රටේ හිටිය වටිනාම මිනිසෙකු නැත්නම් අපේ රටේ හොඳම සංගීතඥයා අභවප්‍රාප්ත වෙලා.ඉපදුනානම් මැරෙන්න ඕන බව ඇත්ත, ඒත මේ තරම් වටින මිනිසෙකු අපේ රටට අහිමි විම රටෙන් කොටසක් නැති වූවා හා සමානයි.අපේ රටේ ස්වර සප්තකයේ මිහිරියාවේ අඩු පාඩුව තව නොබෝ දිනකින් අපේ සවනටත් හදවටත් දැනෙන්නට ලැබේවි.මේ ගැන විකසිත අයියාගේ පියසටහන්වල ලියල තිබ්බ බ්ලොග් වීඩියො ලිපියත් මේ ලිපිය ලියන්න හේතු වුණා.අනික මේ දීපවාලි සඳුදා 27 අපේ අම්මගෙ ස්ටාෆ් එකෙන් මාතරට ට්‍රිප් එකක් ගියා.ට්‍රිප් එක නම් එළ,ඒත් මට ඒ ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා.මේ ට්‍රිප් එකේදී අපි ගාලු කොටුවට ගියා.මෙතනදි එක අයියල පිරිසක් හිටියා,ඒ අපි රු.400 දුන්නහම ගාලු කොටුවෙ ඉදල මුහුදට පැනල පෙන්නනව.මේක තියෙන භයානක කම පොඩ්ඩ වැරදුනොත් මුහුදෙ පාවෙන්න වෙනවා,ඒ වගේම මට හිතුණා මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් දුක් විඳිනවද කියල.එදා දවස ජීවත් වෙන්න ජීවිතය වුනත් පරදුවට තියන්න ඔවුන් ඉදිරිපත් වෙනවා.අපේ කට්ටිය මේකට සල්ලි එකතු කරල දුන්නට මම නම් මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති වුන් නෑ.මොකද කිව්වොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න මීට වඩා හොඳ ක්‍රම ඕනෙ තරම් තියෙනවා. අන්තිමේ රු.400 ලැබුනට පස්සේ මුහුදට පැනල පෙන්නුව,පයින්නෙ ගැඹුරු තැනකටලු.මොනව වුනත් මේක එච්චර හොඳ වැඩක් නෙමේ කියන එකයි මගේ අදහස.ඒක නෙමෙයි මම මේ බල බල ඉන්නෙ මිනි මැරතන් දුවන දවස එනකල්.ආසාවෙ බෑ, මොකද මේක තමයි මගේ පලවෙනි මැරතන් දිවිල්ල.පරණ කට්ටියව තව ෆිට් කරගන්න මේකත් හොද අවස්ථාවක්නෙ.අනික අර කලින් වගේ “මමත් දුවනවා මැරතන්” කියල බැනර් එකක් හෙම හදන්නෙ නැද්ද? මමත් ඒක මගේ බ්ලොග් එකේ ප්‍රදර්ශනය කරන්න ආසාවෙනුයි ඉන්නෙ.

කේමදාසයන්ට නිවන් සැප

මරණයෙන් පසු ජීවිතයක් ඇත් ද?

මේ දවස්වල මට අමුතුම පිස්සුවක් ගහලා.ඒ තමයි මැරුණට පස්සෙ ආයෙ ජීවත් වෙනවද කියල හොයන එක.අනේ මන්දා මම නම් දැනට විශ්වාස කරන්නේ, මරණයෙන් පස්සේ තවත් ජීවිතයක් නැහැයි කියලා.මේ ළඟදි මට හමු වුණ සඟරාවක මේ වගේ විස්තර ටිකකුත් තිබුණා.මේක බොහෝ දුරට ක්‍රිස්තියානි ආගමට බර සඟරාවක්.2007 වසරේ ඇමරිකාවේ විශ්‍රාමිකයින්ගෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළී වී ඇත්තේ මරණයෙන් පසු ජීවිතයක් ඇති බවට සියයට 73 ක් ද, මරණයෙන් පසු ජීවිතයක් නැති බවට සියයට 25 ක්ද එකඟ වී ඇති බවයි.නමුත් මින් පැණ නඟින ගැටළුව නම් මිනිසුන් විශ්වාස කරනුයේ මිනිසුන් ආශා කරන දෙයද යන්නයි.මේ පිළිබඳ කිතුනු ආගමෙහි සඳහන් වනුයේ මෙලෙසයි.ලෝකයේ මුල්ම මිනිසා වූ ආදම් නිර්මාණය කර දෙවිඳු ඔහුට ගෙඩි නොකෑමට අණ කරන ලද ගහකින් ආහාර ගැනීමයි.මේ හේතුවෙන් දෙවියන් ඔබ අනිවාර්යයෙන්ම මරණයට පත් වන බවට දෙවිඳ ප්‍රකාශ කර ඇත.මින් පසු පැවතගෙන එන මිනිස් පරපුර මේ පාපය පැවතගෙන එමින් මහළු වී මරණයට පත් වෙති.කෙසේ නමුත් මගේ විශ්වාසය නම් මරණයෙන් පසු නැවත ජීවිතයක් නැති බවයි.නමුදු බහුතරයකගේ විශ්වාසය වනුයේ මරණයෙන් පසු ජීවිතයක් ඇත යන්නයි.ඔබ මෙය අදහන්නේ කෙසේ ද?

Made in Sri Lanka

දැන් දවස් දෙකකට විතර කළින් ගෙදරට බඩු ටිකක් අරන් ආවා.ඔන්න ඉතින් මම මේ හැම එකක්ම අරගෙන ඒවයෙ විස්තර කියවල බලනවා.පුදුම වැඩේ කියන්නේ මේවායේ ගහල තියෙන්නේ “Made in China”, “Made in Singapore” එහෙමත් නැත්නම් “Made in England”.අනේ ඇත්තමයි මට මේක දැක්කහම හිතුණා.අපිටත් මෙහෙම අනන්‍යතාවයක් හදන්න බැරි ඇයි කියලා.මෙතන තියෙන සමහර බඩු ලංකාවේ හදලත් “Made in  China” කියල දානවනේ ලැජ්ජාවක් නැතුව.මේ ප්‍රශ්නෙට ලංකාවෙන් අන්තර්ජාතික නොවන පොඩි හරි විසඳුමක් දැන්නම් “ගන්න අපේ දේ” සංකල්පය හරහා ලබා දෙනවා.ඒක ගැන සන්තෝස වෙනවා වගේම මේ තත්ත්වය ගැන දුක් වන්නටත් සිදු වෙනවා.හැබැයි මට මෙන්න මෙහෙමත් හිතුණා.අපිට බැරිද අපේ වෙබ් අඩවි, බ්ලොග් අඩවිවලට එහෙම “ශ්‍රී ලාංකික නිර්මාණයකි” ව‍ගේ සම්මත ලකුණක් ලබා දෙන්න.මේ වැඩෙන් අපිට ලොකු දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන්.ඒත් එහෙම කිය කිය ඉන්නවට වඩා අපි පොඩි හරි විසඳුමක් ගන්න එක නරක ද?ඔබේ අදහස කුමක් ද?

විෂුවල් බේසික් පිළිබඳ එකමුතුවක් දැන් අන්තර්ජාලයේ

විෂුවල් බේසික් පිළිබඳ සිංහල භාෂාවෙන් යොමු වී ඇති අඩු අවදානයේ පුරුකක් ඉවත් කරමින් අප එකතුව විසින් මෙම අඩවිය ආරම්භ කරන ලදී.මෙම අඩවිය හරහා ඔබට විෂුවල් බේසික් පිළිබඳ වැඩි දුර යමක් හැදෑරීමටත්, තමන් සතු දැනුම බෙදා හදා ගැනීමට ඒ දැනුම ප්‍රගුණ කර ගැනීමටත් ඉතා විශිෂ්ට සහයක් ලැබේයැයි යන්න අපගේ හැඟීමයි. අන්තර්ජාලයෙහි විෂුවල් බේසික් පිළිබඳ සිංහල භාෂාවෙන් යම් ස්ථාවරයක් ගොඩනගා ගැනීමේද පොදු අරමුණින් පණ ගන්වන ලද මෙම අඩවිය මෙම අඩවිය විෂුවල් ‍බේසික් ප්‍රවීණයන්ට ද, නවකයින්ට ද ඉතා හොඳ තෝතැන්නක් වනු ඇත.එමෙන්ම මෙම එකතුව හා සම්බන්ධ ගූගල් සමූහයක් බ්ලොග් අඩවියක් ද පවතී.ඕනෑම අයෙකුට අපගේ ගූගල් සමූහයට එක් වී තමා ට අවශ්‍ය වන කේත ආදිය ලබා ගත හැකි ය.ඊට අමතඑව පහත දැක්වෙන පහසුකම්ද ඔබට ඇති තාක් භුක්ති විදි ය හැකි ය.

●  ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය කේත VB ව්‍යාපෘති(VB Project Files) ගොනු සමඟ ලබා ගැනීමේ පහසුව
●  ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය උපකරණ(components) ලබා ගැනීමේ පහසුකම
●  ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය වත්කම්(resources) ලබා ගැනීමේ පහසුකම
●  ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය කේත එකතුවෙහි සාමාජිකයන් සමඟ කතාබහෙහි යෙදී සොයා ගැනීමේ පහසුව
●  ඔබ විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග සඳහා ප්‍රචාරය ලබා දීම.
●  අප සංගමයේ මෙන්ම වෙනත් විෂුවල් බේසික් ප්‍රවීණයන් ද ඇසුරු කළ හැකි වීම
●  ඔබ නමැවූ මෘදුකාංග අපගේ වෙබ් අඩවියේ සාමාජිකයින්ගේ මෘදුකාංග ලැයිස්තුවට ඇතුළත් කර දීම හා එමගින් මෙය ලොකයේ ඕනෑම අයෙකුට බාගත කිරීමේ පහසුව
●  ඔබට අවශ්‍ය නම් co.cc ඩොමේන් එකක් යටතේ ඔබ නිමැවූ මෘදුකාංග සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර දීම.
●  ඔබගේ වෙළඳ දැන්වීම් නොමිලයේ සහ මුදල් සඳහා මෙම වෙබ් අඩවියෙහි ප්‍රචාරනය කර දීම.
●  විෂුවල් බේසික් පිළිබඳ නවතම තොරතුරු ඔබගේ ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීමේ පහසුකම
●  ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නොමිලයේ ලින්ක් ලබා 
●  ඔබ විසින් නිර්මාණය කර අපට ලබා දෙන ලිපි මාධ්‍යයේ ස්වයං අධ්‍යාපනික වැඩසටහන් මෙම අඩවියෙහි ප්‍රචාරනය කිරීම හා එමගින් ඔබට විෂුවල් බේසික් පිළිබඳ අන්තර්ජාලයෙහි යම් අනන්‍යතාවයක් සාදා දීම.


මේ සියලු පහසුකම් භුක්ති විදීමට ඔබ කළ යුත්තේ අප සමඟ එක් වීම පමණි.

අපගේ ප්‍රධාන වෙබ් අඩවියට 
අප හා එක්වීමට 
අපගේ ගූගල් සමූහයට

අන්තර්ජාලය මරණ මංචකයේ ද?

මේ මහ පුදුම වැඩක්නේ ඊයේ හවස හරි ගියපු අන්තර්ජාල සම්බන්ධතාවය අද බිඳවැටිලා.උදෙ හොඳට වැඩ දවල් වෙන කොට brakedown.අන් මන්දා මෙහෙම connenction එකක් තිබ්බ‍ට වඩා හොඳයි නැති වුනානම්.මොක ද මම විතරද අන්තර්ජාලයට යන්නේ ලොකු ලොකු සමාගම් ද, අරකද මේකද කීයක් නම් මේ අන්තර්ජාලය භුක්ති විදිනව ද?.දැන් නම් තිත්ත වෙලා තියන්නේ.අඩුම ගානේ මට සංගමේ කතාබහට වත් යාගන්න බෑ.ඒක මොක ද ආරම්භක පිටුව වෙච්ච ගූගල්වලටවත් යන්න බැරි එක.මේකට හේතුව මොකක් වෙන්න ඇත් ද?.කේබල් ප්‍රශ්නයක් ද දන්නෑ.දැන් මේ ලිව්වට මේක පබ්ලිෂ් කරන්නත් ලේසි වන එකක් නෑ.

ටෙලිකොම්ලාට අමු කැවිල ද?

මාස ගානකට කළින් ඉල්ලුම් කරපු ටෙලිෆෝන් ඩිරෙක්ටරියේ සීඩී එක ඊයේ යන්තම් ගෙදරට ආවා.ඔන්න ඉතින් හරි ලස්සන නාමාවලියක් වෙන්න ඇති කියලා දාගෙන ඉනිසිටෝල් කරලා.රන් කරා.තුං! විතරක් මේ මොකක්ද මේ?.ඔන්න ඔය ටික තමයි ඒ වෙලාවේ මගේ කටට ආවේ.මේක දාගෙන ඉන්න අය දන්නවා නැතෑ ඔය ගැන.හරියට නිකං පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ  මෘදුකාංගයක් වගේ.ඒ මදිවට ෆුල් ස්ක්‍රීන්.අනිත් වැඩේ මේක හදලා තියෙන්නේ .net වලින්,එහෙව් එකේ මේක මෙච්චර කැතට හදන්න මොන වදයක් විදින්න ඇද්ද..net වලින් මෘදුකාංගයක් හැදුවහම බලන්න ඕනේ ඒකේ ලස්සන.අනේ මන්දා මුන්ට අමු කැවිල ද කියලා.මේක ෆුල් ස්ක්‍රීන් කරගෙන තියෙන්නේත් ඇගේ අමාරුවකට ද කොහෙ ද.මොක ද කිව්වොත් බාගෙට බාගයක් හිස් මොනවත් නෑ.ඒ ඉඩ නාස්ති කරලා ෆුල් ස්ක්‍රීන් කරගෙන.අනිත් වැඩේ මේකේ තාම තියෙන්නේ .netවලින් දෙන ඩිෆෝල්ට් අයිකන් එක.

මේ පහත පෙන්නන්නේ හිස් ඉඩ හා අයිකනය යි.

wrong

මට ෆයර්ෆොක්ස්වලින් අයින් වෙන්නලු

ඔන්න ඉතින් සුබ මොහොතින් අද දවල් මම කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා ඩයල් කරලා ෆයර්ෆොක්ස් ඕපන් කළා.හෝම් පේජ් එක විදියට තිබ්බ ගූගල්වල xml එරර් එකක්ලු.ආයේ ලොඩ් කරා.හිටිගමන් වැඩ.සමහර වෙබ් පේජ් ලොඩ් කරලා ඒකෙ ලින්ක් ක්ලික් කරහම ආයෙ xml එරර් ලු.හරියන් නෑ වැඩේ.ආයේ ගන්න ගියා මොසිල්ලා එකට.මලා ඒක ලෝඩ් වෙන්නෙත් නෑ.මඟුල.ඔන්න ඉතින් දස වද විඳලා ලෝබ් කරලා ගන්න හැදුවා ඉංග්‍රීසි එක.ඒකත් බෑ.ඒ ගමන සිංහල එක යන්තම් අර ගත්තා.ඔන්න ආයේ ඉන්ස්ටෝල් කරලා රන් කරා ඒ……… අර ටිකම තමා මගේ බ්ලොග් එකට නිකන් මිටියෙන් ගහලා වගේ පෙන්නන්නේ.දැන් මොකද කරන්නේ.IE පාවිච්චි කරන්නත් බෑ ස්ලෝ වැඩී. ෆ්ලොකුත් බෑ සිංහල හරියට ලියන්න තියා කියවන්නවත් බෑ.මලා කොර ගන්න දෙයක් නෑ.දැන් ඉතින් සෆාරිවල පිහිට තමා,ඒත් මට ඒක එච්චර අල්ලන් නෑ.ම්කට විසඳුමක් කියවන ද?බොහොම ස්තූතියි.

ලිපියකට අදහස් ලබා ගන්නා ක්‍රම

මේ ළඟදී මට අපූරු වෙබ් අඩවියක් මුණ ගැහුනා.එහි මෙහෙම පවසලා තිබුනා. “All is not the same, Because of that wait in my site for a few, the difference which you feel about my site tell to me by writing a comment” මේ මගින් කර ඇත්තේ මෙම අඩවිය සඳහා පාඨක ප්‍රතිචාර ගෙන්වා ගැනීමයි.මේ බව දැන ගත් මම මේ පිළිබඳ වැඩි තොරතුරු සොයන විට ලිපියකට අදහස් නැත්නම් comment ගෙන්වා ගන්නා අයුරු සඳහන් වුනු ලිපියක් හමු වුනා. ඒ ලිපිය ඔබටත් කියන්න හිතුනා.

    1. ලිපිය නරඹන්නන් අදහසක් තබා යන්නට ධෙර්යයමත් කරවන්න.
    2. ලිපිය අවසානයේ ප්‍රශ්නයක් අසන්න.
    3. පාඨකයන් තැබූ අදහස් පිළිබඳව ප්‍රශ්න කරන්න. එමඟින් එය සාකච්ඡාවක් ලෙස ඉදිරියට ගෙනයන්න.
    4. හැකිනම් ඒ වෙනුවෙන් කුඩා ප්‍රතිලාභ ලබා දෙන්න. එම වසරේ වැඩිම අදහස් ගනනක් ලියූ 10 දෙනා පිළිබඳව ලිපියක් ලියන්න.
    5. අදහස් තැබීමේ ක්‍රමය පහසු කරන්න.ලියාපදිංචි වීම්. captcha පරවීම් ඉවත් කරන්න
    6. ලිපි සඳහා සිත් ඇදගන්නා සුළු මාතෘකා යොදන්න.

ස්ටුඩියෝවේ වැඩකිඩ

මේ ළඟදී youtube එකේ ජනප්‍රියතම වීඩියෝ ගොන්න අවුස්සන කොට හිත වසඟ කරන වීඩියෝ එකක් හම්බ වුණා.මේ වීඩියෝ එකේ තියෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් වන ubuntu studio හි වැඩකිඩයි. වීඩියෝ එක බැලුවහම මට හිතුණා  මේ මෙහෙයුම් පද්ධතියක් ද නැත්නම් අතේ තියා‍ගෙන නටවන සෙල්ලම් භාණ්ඩයක් ද කියලා. මේ මෙහෙයුම් පද්ධතිය බාගත කරන්න ” www.ubuntustudio.org ” අඩවියට පිවිසෙන්න.