මරණයෙන් පසු ජීවිතයක් ඇත් ද?
මේ දවස්වල මට අමුතුම පිස්සුවක් ගහලා.ඒ තමයි මැරුණට පස්සෙ ආයෙ ජීවත් වෙනවද කියල හොයන එක.අනේ මන්දා මම නම් දැනට විශ්වාස කරන්නේ, මරණයෙන් පස්සේ තවත් ජීවිතයක් නැහැයි කියලා.මේ ළඟදි මට හමු වුණ සඟරාවක මේ වගේ විස්තර ටිකකුත් තිබුණා.මේක බොහෝ දුරට ක්‍රිස්තියානි ආගමට බර සඟරාවක්.2007 වසරේ ඇමරිකාවේ විශ්‍රාමිකයින්ගෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළී වී ඇත්තේ මරණයෙන් පසු ජීවිතයක් ඇති බවට සියයට 73 ක් ද, මරණයෙන් පසු ජීවිතයක් නැති බවට සියයට 25 ක්ද එකඟ වී ඇති බවයි.නමුත් මින් පැණ නඟින ගැටළුව නම් මිනිසුන් විශ්වාස කරනුයේ මිනිසුන් ආශා කරන දෙයද යන්නයි.මේ පිළිබඳ කිතුනු ආගමෙහි සඳහන් වනුයේ මෙලෙසයි.ලෝකයේ මුල්ම මිනිසා වූ ආදම් නිර්මාණය කර දෙවිඳු ඔහුට ගෙඩි නොකෑමට අණ කරන ලද ගහකින් ආහාර ගැනීමයි.මේ හේතුවෙන් දෙවියන් ඔබ අනිවාර්යයෙන්ම මරණයට පත් වන බවට දෙවිඳ ප්‍රකාශ කර ඇත.මින් පසු පැවතගෙන එන මිනිස් පරපුර මේ පාපය පැවතගෙන එමින් මහළු වී මරණයට පත් වෙති.කෙසේ නමුත් මගේ විශ්වාසය නම් මරණයෙන් පසු නැවත ජීවිතයක් නැති බවයි.නමුදු බහුතරයකගේ විශ්වාසය වනුයේ මරණයෙන් පසු ජීවිතයක් ඇත යන්නයි.ඔබ මෙය අදහන්නේ කෙසේ ද?
මරණයෙන් පසු ජීවිතයක් තියෙනව. ඒත් ඒ මම නෙමෙයි
ඔබගේ ප්‍රශ්ණය මරණයෙන් මතු ජීවිතයක් ඇද්ද යන්නයි.
මගේ පිළිතුර ඇත්තේත් නැත. නැත්තේත් නැත යන්නයි.
එයට හේතුව මරණයත් සමග මේ ශරීරයේ පඨවි ධාතුවට
අයත් කොටස් දිරා පොලොවට පස්වී යනවා. ආපෝ
ධාතුවට අයත් කොටස් පොලොවට දියවී යනවා. වායෝ
ධාතුවට අයත් කොටස් වාතයට එකතු වෙනවා. එසේ නම්
මරණයෙන් පසුව මේ කය හා බැදුනු නැවත ජීවිතයක් හට
නොගනී. ඔබ දන්නවාද බෙරයකට එක වරක් තට්ටු කලාම
ශබ්දයක් ඇතිවී නැතිවී යනවා. නැවත තට්ටු කලාම නැවතත්
ශබ්දයක් ඇතිවී යනවා.හැබැයි ඒ අලුතින්ම හටගත් ශබ්දයක්.
අර පරණ ශබ්දයම නෙවෙයිනෙ..නමුත් අපට දැනෙන්නේ
බැලූ බැල්මට පරණ ශබ්දයමයි කියා. ඒක තමයි මුලාව…
මෙන්න මේ මුලාව නිසා නැවත ඉපදෙනවා. මොනවද නැවත
ඉපදෙන්නේ? රූපයක්..දුක හෝ සැප විදීමක්..සංඥාවක්…
චේතනාවක්…විඤ්ඤාණයක්..
කොහොමද ඉපදෙන්නෙ..??
ඔබ දන්නවා හැම දෙයක් කරන්නම සිතක් පහල වෙන්න ඕනෙ කියා.
මේ හිත හැම තිස්සෙම හොයන්නෙ සැප නේද?? දුක නෙවෙයිනෙ…
සැපයි කියල රූප නෙවෙයිද අල්ලගන්නෙ..මගේ රූපය..භාර්යාව
වාහනය..ගෙදර..ආදීවශයෙන්..එතකොට හිත ඒවාට බැදිලා නැද්ද??
එතකොට ශබ්ද,ගදසුවද,රස,පහස,අරමුණු,සිත මේවා නේද අල්ලාගන්නෙ
සිත හැම විටම කූඩැල්ලෙක් වගේ.යමක් අතහරින්නෙ තව එකක් අල්ලාගෙන
මියයන විටත් මේ සිතේ සිතිවිලි පරම්පරාවක් පවතිනවා. සිත තමාට පැවතිය
හැකි තැනක් අල්ලගන්නවා. ඒක තමයි නැවත ඉපදීම. එතැන ඉපදෙන්නෙත්
රූපයක්,වේදනාවක්,සංඥාවක්,චේතනාවක්,විඤ්ඤාණයක්..
ඒක සකස් කරගත්තෙත් තමා විසින්මයි. ජීවත්ව සිටින විට..
(මේ ගැඹුරු කරුණක් කෙටියෙන් කිව්වෙ..පිළිතුර දිග වැඩිනම් සමාවෙන්න)
මගේ බ්ලොග් අඩවියේ මේ ගැන කරුනු ඇතුලත්ය
බොහොම ස්තූතියි, ඔබේ අදහසට.ඔබගේ අදහසේ දැක්වූ දෙය සත්‍යයක් වෙතයි මටද දැන් සිතනවා.ඇතත් වශයෙන්ම අප ජීවිතයේ ආශා කරමින් ලබා ගනුයේ රූපයි.නමුත් අපිටම එය විශ්වාස කළ නොහැකියි.
මේක හරිම ගැඹුරු ප්‍රශ්නයක්. හේමජයන්ත කියනව වගේ මරනයෙන් පසු ජීවිතයක් ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. මේ පිලිබඳව කියවන එක තමයි හොඳ. ඇමෙරිකාවෙ ඉන්නව මේ ගැන පර්යේශන කරන මහාචාර්යවරයෙක්. නම බ්‍රයන් වයිස්. මට ඊ මේල් එකක් එවන්න, මම ලින්ක් එකක් එවන්නම්. අවුරුදු 30ක් වයසැති එක්තරා කාන්තාවක් (මානසික රෝගයක් ඇතී)වශී කරල, ඒ කාන්තාව අවුරුදු 4000ක් ආපස්සට ගියා. එයාගෙ ලෙඩේ මුල එයාගෙම සැමියා සංසාරය තුල එයාගෙ බෙල්ල කපලා!!! කිහිප සැරයක්. මේ ඔක්කොටම ඉස්සර බුදු හාමුදුරුවො මේව කියල තියෙනව. මේ මහචාර්ය තුමා මේ කාන්තාව ගැන පොතක් ලියල තියෙනව, මම ඒක කියෙව්ව. ඔබත් කියවන්න.
ඔය ප්‍රශ්ණෙ ගැන හිතන එක හොඳයි. ඒ වුණාට ඕක ගැන ආගමික සහ දාර්ශණික මත වලින් අපට ඇත්ත දකින්න තියෙන අවකාශය වැහිලයි තියෙන්නේ. කලින් අය කිව්ව වගේ බුදුන් කියල තියෙන්නෙත් ඇත්තේද නැත්තේද නැත කියලයි. මට නම් හිතෙන්නෙ මේ හිත කියන එකත් උපදිනකොට ශරීරයත් එක්කම වර්ධනය වෙල තරුණ වෙල මහලු වෙල මැරිල යන දෙයක් කියලයි. ආයෙ හිත කොහෙවත් උපදින්නෙ නෑ. එහෙම වෙනව නම් කලින් ආත්මයක් ගැන හෝ ඉදිරි ආත්මයක් ගැන සිතිවිල්ලක් ප්‍රායෝගිකව අපට දැනෙන්න ඕන. ඒ වුණාට එහෙම දැණෙන්නෙ නෑනෙ අපට. තියෙන්නෙ ඉපදීම ගැන විවිධ අය විවිධ විධියට කියපු මති මතාන්තර ටිකක් විතරයි. අපි ඒව විශිවාස කිරීම නොකිරීම තුල තමයි අපේ පැවිත්ම තීරණය වෙන්නේ.
මට නම් බුදුන්ගෙ අදහස ගැන තියෙන මතය කලින් දෙන්නටම වඩා වෙනස්. ඔයා වගේම කෙනෙක් කවදාවත් බිහිවෙන්නෙ නෑ. නමුත් ඔයාගෙ ඇඟේ තියෙන පරමාණු කීපයක් වෙනත් ජීවියෙක්ගෙ ශරීරය ගොඩනගන්න භාවිතා වෙන්න පුළුවන්. හිතත් මේ ශරීරය මෙහෙයවන os එක වගේ එකක්. hard disk එක corrupt වුණාම ආයෙ os එකක් නෑනේ. ඉතිං ඔයා ආයෙ ඉපදෙන්නෙ නෑ.
බාල්දි අයියෙ(එහෙම කිව්වට කමක් නැද්ද මන්ද) ඔය ගැන මම සොෆීගේ ලෝකය කියන පොතේ කියවල තියෙනවා.අපේ සිරුර පරමාණු ගොඩක් ඇරෙන්න වෙන දෙයක් නෑ කියලයි මමත් හිතන්නෙ.ඒක හොඳයි මැරි මැරි ඉපදෙනවට වඩා එක ආත්මයක් හොඳටෝම ඇති(වැඩිත් එක්ක)
නැවත ඉපදීමක් ගැන කතාකරද්දිම අපි ඒකට ඇලිල ඉවරයි. ඉතිං කොහෙද ගැලවීමක්. නොදන්න පෙර සහ පසු ආත්ම ගැන මනෝලෝක මවාගෙන කොහෙද තමන්ට වැටහෙන සරල ඇත්ත තේරුම්ගන්නේ. තමන් යලි නූපදින බව තේරුම්ගත්ත නම් වැඩේ එතනින්ම ඉවරයි.
සිරුර සහ මනස ගැන මති මතාන්තර ගොඩයි. හරි දේ ඉතිං තමන්ට විශ්වාස කරන්න පුළුවන් හොඳම දේ තමයි. හරි දේ තෝරගන්න එක තමයි වැඩේ.
සොෆිගේ ලෝකය මමත් ආසාවෙන් රසවිඳපු පොතක්.
බාල්දි දාන එක ඉතිං මගේ හැටියක්. ඒ නම හොඳයි.