මට ෆයර්ෆොක්ස්වලින් අයින් වෙන්නලු

ඔන්න ඉතින් සුබ මොහොතින් අද දවල් මම කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා ඩයල් කරලා ෆයර්ෆොක්ස් ඕපන් කළා.හෝම් පේජ් එක විදියට තිබ්බ ගූගල්වල xml එරර් එකක්ලු.ආයේ ලොඩ් කරා.හිටිගමන් වැඩ.සමහර වෙබ් පේජ් ලොඩ් කරලා ඒකෙ ලින්ක් ක්ලික් කරහම ආයෙ xml එරර් ලු.හරියන් නෑ වැඩේ.ආයේ ගන්න ගියා මොසිල්ලා එකට.මලා ඒක ලෝඩ් වෙන්නෙත් නෑ.මඟුල.ඔන්න ඉතින් දස වද විඳලා ලෝබ් කරලා ගන්න හැදුවා ඉංග්‍රීසි එක.ඒකත් බෑ.ඒ ගමන සිංහල එක යන්තම් අර ගත්තා.ඔන්න ආයේ ඉන්ස්ටෝල් කරලා රන් කරා ඒ……… අර ටිකම තමා මගේ බ්ලොග් එකට නිකන් මිටියෙන් ගහලා වගේ පෙන්නන්නේ.දැන් මොකද කරන්නේ.IE පාවිච්චි කරන්නත් බෑ ස්ලෝ වැඩී. ෆ්ලොකුත් බෑ සිංහල හරියට ලියන්න තියා කියවන්නවත් බෑ.මලා කොර ගන්න දෙයක් නෑ.දැන් ඉතින් සෆාරිවල පිහිට තමා,ඒත් මට ඒක එච්චර අල්ලන් නෑ.ම්කට විසඳුමක් කියවන ද?බොහොම ස්තූතියි.

Advertisements
  1. ප්‍රභාෂ්වර,

    ඔබ භාවිත කරන්නේ ෆයර්ෆොක්ස් සිංහල 3.0.1 වෙළුම යයි සිතමි.
    එහි දෝෂ පණිවිඩ පරිවර්තනයේදි ගැටලුවක් නිලා XML Passing දෝෂයක් පෙන්නුම් කරනවා. මෙය නිසිලෙස අන්තර්ජාල සබඳතාව ඇතිවිට නොපෙනුනත්, කිසියම් ගැටලුවක් ආවිට දිස්වෙනු ඇත.

    අද දින වේගය අඩුවිමම මෙම වෙළුමට අදාල දෝෂයක් නොවේ.
    කරුණාකර එ පිළිබදව සොයා බලන්න.
    කෙසෙ වෙතත් අර 3.0.1 හි ගැටලුව ඉදිරියේදි එන 3.0.2 හිදි විසදෙනු ඇත.

    ස්තුතියි,
    ඩනිෂ්ක

    • ප්‍රභාෂ්වර
    • August 12th, 2008

    ස්තූතියි,මටත් දැන් දැන් සිතෙනුයේ මෙය සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් ලෙසයි.

  2. දැන් මොකද කරන්නේ ඉතින්?
    ඔයාට සිංහල ෆයර්ෆොක්ස් දාගන්න ඔනද?
    3.0.2 එන කන් ඉන්න බැරි නම් ඔයාට මේකට විසදුමක් සහිත විසදුම් ගොනුවක් දෙන්නද?

    • ප්‍රභාෂ්වර
    • August 12th, 2008

    හා,එහෙම නම් බොහොම ස්තූතියි අයියේ

    • චරිත
    • August 12th, 2008

    ඔය ප්‍රශ්නේ කිප සැරයක්ම මටත් ඇවිත් තියෙනවා. IE එක තමා ඒ වෙලාවට පිහිටට ඉන්නෙ. තාවකාලික විසඳුම හැමෝටම ගන්න පුළුවන්ද? ෆයර්ෆොක්ස් 3.0.2 එන්න තව මාස කීපයක්වත් යාවිනේ

  3. > IE එක තමා ඒ වෙලාවට පිහිටට ඉන්නෙ.

    ඒ කිවේ? FF නිසා වෙගයේ වෙනස් වීමක් නැ..
    අද ADSL නම් අවුල්

    ඔබේ ගැටලුව හරියට කියන්න..
    3.0.2 එන්න වැඩි කාලයක් නැ

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: