මලකඩ පාසල්

ඊයේ උදේ අපේ අම්මාගේ යාළුවෙක්ගේ තාත්තා නැති වෙලා ඒ වෙනුවෙන් දුගී පන්තියෙ ඉස්කෝලෙකට කෑම වේලක් දුන්නා. මේ ඉස්කෝලේ තියෙන්නෙ මේ මහ නගරබද කොළඹ ගුණසිංහපුරේ. නම හාවඩ් විද්‍යාලය. මුළු පාසලටම තියෙන්නෙ එකම එක ගොඩනැගිල්ලයි.ඒකත් ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හදපු එකක්. ළමයි 42 යි.ඒත් එක වසරේ ඉදන් පහ වසරට යනකල් පන්ති තියෙනවා. ගුරුවරුත් දෙන්නයි. ගිහාම ඇස්වලට කඳුලු උනනවා මොකද කිව්වොත් මෙතන ඉන්නෙ පාරේ හිඟාකන, එලවළු කරත්ත අදින දෙමව්පියන්ගේ ලමයි.මේ ළමයි මෙහෙම හරි පාසල් එවන්නෙ පාසලෙන් ළමයින්ට දවල් කෑම දෙන නිසා. ගුරුවරු කියන විදියට මෙ කන කෑම වේලෙන් පස්සෙ ආපහු හෙට පාසල් එනකල් කෑමක් නෑ. අපි කෑම දුන්නෙත් මේ කෑම වේල වෙනුවෙන්. මේ පාසලේ විදුහල්පතිතුමා එයාගේම පෞද්ගලික ධනයෙන් මේ ළමයින්ට බොහොම සම්පත් දීලා තියෙනවා.විශේෂයෙන්ම සපත්තු, නිල ඇඳුම වගේ ඒව.මේ ළමයින්ගෙන් වැඩි පිරිසකට ගෙවල් නෑ. බස් නවත්තන තැන්වල ඉදලා තමයි උදේට පාසල් එන්නේ. ඒ හින්දා නාන්නත් පහසුකම් සපයලා තියෙනවා. මට හිතාගන්න බැරි ඇයි අධ්‍යාපන අමාත්‍යංශ මෙ පාසල් ගැන අවධානය යොමු නොකරන්නේ.සමහර දෙමව්පියෝ අහනවලු සෙනසුරාදට ඉරිදටත් පාසල් තියන්න බැරිද කියලා.මොකද දරුවන්ගේ අවශ්‍යතා තමන්ට වඩා හොඳට පාසල ලබාදෙන නිසා. අපි මෙතන ඉන්න කොට ආවා තාත්තා කෙනෙක් ළමයෙක්ගෙ කොණ්ඩෙ අවුස්සගෙන පිස්සෙක් වගේ. තාත්තා මෙහෙම නම් ළමයා කොහොම වෙයිද.පාසලේ විදුහල්පති කළින් තර්ස්ටන් එකේ ගුරුවරයෙක්. එයා කියනවා අපේ තර්ස්ටන් ළමයින්ට උගන්නන්න කළින් මේ ළමයි හදන්න ඕනේ. නැත්නම් අපේ ළමයින්ගේ සාක්කුවට ගහන්නෙත් මේ ළමයි කියලා. ඇත්ත තමයි, මේ ළමයි පාසල් එවලා උගන්නන්න ඉස්සෙල්ලා විනය හදන්න ඕනේ. ඒ වගේම සෞන්දර්යයට යොමු කරන්න ඕනේ.ඕවා මොනවා කරන්නත් අධ්‍යාපන අමාත්‍යංශවල ඇස් ඇරෙන්න ඕනේ.නැත්නම් මලකඩ පාසල්වලට ඉතුරු වෙන්නෙ මලකඩම විතරයි.

Advertisements
    • su
    • July 30th, 2008

    පුළුවනි නම් ම‍ගේ ඊ මේල් ලිපිනයට මේ පාස‍ලේ විදුහල්පතිතුමාගේ දුරකථන අංකය දෙන්න. අපි අපේ අයට උදව් කරන්න ‍ලංකාව පුරා යනවා.‍ දෙපය පාමුළ නොබලා ඈත බලන ‍එක ප්‍රායෝගික මදි කියලා මට හිතෙනවා. ගුණසිංහපුරේ කියන්නෙ ලංකාවෙ ඕනම තැනකට යන කෙනෙකු පසු කරන් යන තැනක් නේ..අපට කරන්න පුළුවන් දේවල් ගොඩක් ඇති මේ අයට..මොකද මෙතනට යන්න එන්නත් පහසු‍යිනේ..

    මේ සටහන ලිවීම නම් ලොකු පිනක්.. මං හිතනවා මේ ළමයින් වෙනුවෙන් මොනවා හරි කරන්න පුළුවනි කියලා… ආයෙමත් ස්තූතියි..

  1. පාසලේ ලිපිනය දුන්නත් කමක් නැහැ

    • apgcorporation
    • July 30th, 2008

    හරි මම ඒ නම්බරය යි ලිපිනයයි දෙකම තව ටිකකින් එවන්නම්

    • සිතුවිලි
    • July 30th, 2008

    හරිම දුක හිතෙන කථාවක්. ඒත් අපේ කාලේ දිසාපාමොක් තුමා ගැන නම් සතුටු හිතුනා. කොහොම උනත් මෙවැනි දෙයක් ගැන සටහනක් තිබ්බ එක ගැන නම් ඔබට පිං.

  2. මේක වේදනාකාරීයි. එකම නගරයේ සමහර පාසල් සඳහා ගුරුවරු මෙන්ම, භෞතික සම්පත් අතිරික්තයකුත් තවත් පාසල් කිහිපයකට මේ කිසිවකුත් නැතිීමේ වරද තියෙන්නෙ කොතැනද? මට මතකයි ‍කොළඹ අවට මෙවැනි දුෂ්කර පාසල් ගැන මීට අවුරුදු කිහිපයකට ඉස්සර මව්බිම පත්තරේ ලිපියක් පලවුනා. ‘කොළඹ අවට මලකඩ පාසල්’ නමින්.
    මෙවැනි පාසල් කිහිපයක් ගැන එහි සඳහන් වුනා. මේ සඳහා අපට කලහැකි හැක්කේ කුමක්ද? මේ සඳහා යමක් කරනවා නම් එ සඳහා උදව් කරන්න සුදානම්. ඒත් එය කරන ආාරයක් සිතාගත නොහැකියි…. ??

    • ප්‍රභාෂ්වර
    • July 30th, 2008

    කමක් නෑ ඔබේ ඒ සිතුවිල්ලත් ඇති ඔවුන්ගේ දුක නිවෙන්න කසුන් අයියේ

    • tharindu
    • July 30th, 2008

    අපිට මොකද මේගැන කරන්ඩ පුළුවන්…..
    මටත් විදුහල්පතිතුමාගේ දුරකථන අංකය එවන්ඩ.
    ලිපිනයත් තිබ්බොත් වඩා හොඳයි.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: