මේ ලඟදී අපේ තාත්තාගේ ඊ මේල් එක ට මරු ඊ මේල් එකක් ඇවිල්ලා තිබුණා. මේකේ අහලා තියෙන්නේ බිල් ගෙට්ස්ගේ සමාගම විකුණනවා නම් ඔහුට ඊට හේතු වන කරුණු 10 කුයි.
පුද්ගලයා : මම අපේ ගෙදර ට අලුත් කොම්පියුටරවක් ගෙනාවා ඒකේ තියෙන ප්‍රශ්න ටිකක් ඔබට දන්වන්න හිතුණා.
- මේකේ “start” බොත්තමක් තියෙනවා ඒත් “stop” බොත්තමක් නැත.
- මේකේ රී-සයිකලයක් තියෙනවා ඒත් රී-ස්කූටරයක් නැත.
- මෙහි “find” බොත්තමක් තිබුණ ද මගේ බිරිඳ නැති කළ දොරේ යතුර හමු නොවින.
- මගේ දරුවා “Microsoft Word” ඉගෙන ගත්ත ද ඔහු ට “Microsoft Sentences” උගන්වනුයේ කෙසේ ද ?
- මෙහි “My Pictures” කියා ෆොල්ඩරයක් තිබුණ ද මගේ එකදු රූපයක්වත් මම එහි දමා නැත.
- Microsoft Office තිබුන ද මම පරිගනකය භාවිතා කරනුයේ නිවසේ ය.
- මෙහි “My Recent Documents” යනුවෙන් ෆෝල්ඩරයක් තිබුණ ද මෙහි “My Past Documents” යනුවෙන් ෆෝල්ඩරයක් නැත.
- මෙහි “My Computer” තිබුන ද මෙය මා පමණක් නොව මගේ දරුවන් ද භාවිතා කරයි.
- ඔබ මෙහි “My Computer” යනුවෙන් කියූව ද මම මවුසය, ස්පීකරය, කී බෝඩය ආදී සියල්ල මිලදී ගතිමි.
- ඔයාගේ නම “Gates” වුන ද ඔබ “WINDOWS” විකුණනුයේ ඇයි ?
_____________________________________________________________________________

ප්‍රධානම බාධකය නම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයයි (open source programming). එහෙයින් ඔවුන් මේ බාධකයෙන් පැන යාමට කමන්ගේ සුළු සුළු පරිගණක වැඩසටහන්වල කේත දැන් දැන් එළියට දැමීමට පොරොන්දු වී සිටින්නේ දහසකුත් කොන්දේසි යටතේ ය. නිදහස් පරිගණක වැඩසටහන්කරණයට (open source programming) පවා අගෞරවාකාර ලෙස විවිධ කොන්දේසි පනවන මයික්‍රෝසොෆ්ට් සමාගම මෙයින් බලාපොරොත්තු වනුයේ තමන්ගේ වැඩසටහන් තමන්ගේ ම අනස
(extension) එකක් යටතේ ය.නමුත් ලිනක්ස්ලා දැන් ඒවා “exe” යන දිඟව (extension) ටත් සරිලන සේ නිර්මාණය කරන්නේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදිය. ලිනත්ස් සියළුම මෙහෙයුම් පද්ධති (operating system) නිදහස් ඒවා වුවද මයික්‍රෝසොෆ්ට් සමාගම නම් කිසිඳු දිනක අඩුම ගණනේ “ඩොස්” “dos” (disk operating system) වලවත් කේත නිකුත් නොකරනු ඇත. මේ තත්වය යටතේ මයික්‍රෝසොෆ්ට් සමාගමට අඳුරු වළාවක් සේ ලිනක්ස් කඩා පැන බිල් ගේට්ස් එල්ලා මැරීමට පෙර මරා එල්ලමට උත්සුක වනු ඇත යන්න මාගේ හැඟීමයි.
අදහස්