Posts Tagged ‘සිංහල

05
Dec
08

SLT හා සිංහල ෆයර්ෆොක්ස්

අපි ටෙලිකොම් එකට බැන්නට මොකද,දැන් නම් හොඳ කියන්නත් කාලයක් උදා වෙලා.මේකයි හේතුව, ඊයේ අපේ ඉස්කෝලේ ඒ කිව්වේ නාලන්දේ,ප්‍රදර්ශනයක් පැවැත්වුනා.මේකට logo_slt.gifඅන්තර්ජාල කුටියකුත් එක්කරල තිබුණා.මායි මගේ ෆ්‍රෙඩෙකුයි මේ පැත්තේ රවුමක් ගහන ගමන් මේකටත් මූණ දැම්ම.කුටිය වටේම කැරකිලා එනකොට එක තැනක‍ ප්‍රොාජක්ටරයක් තියල පොඩි වැඩ ටිකක් පෙන්නනව.මාත් ඉතින් බලාගෙන හිටිය.‍වේබ පේජස් ගැන එහෙම විස්තර කියල දීලා,වෙබ් පේජ් එකකුත් ඕපන් කළා.ඕපන් වුණේ සිංහල ෆයර්ෆොක්ස්වලින්,මාත් එක්ක හිටිය ෆ්‍රෙඩත් ඉන්ටනෙට් යන්ට බලාපොරොත්තු වන කෙනෙක්.මම මේ සිංහල ෆයර්ෆොක්ස් ගැන කතා මිනිහටත් කියල තිබුණා.මේක පෙන්නන්න හොඳ වෙලාව කියල හිතපු මම ඌටත් හොඳ ලෙක්චර් එකක් දුන්න.මට ඉතින් සන්තෝසෙ බෑ.සිංහල ෆයර්ෆොක්ස් දැක්කම,ඉන්නම බැරි තැන මම ටෙලිකොම් එකේ මාමලත් එක්ක කතාකරල ටිකක් දැන අඳුන ගෙන මේ ගැන විස්තර ටිකකුත් කිව්ව.කොහොම වුනත් ටෙලිකොම් එක මේ සැරේ නම් හොඳ වැඩකට අතගහල තියෙනවා.ඒකට මගේ ස්තූතිය.

ඒත් මට තව කතාවක් කියන්න තියෙනවා.මේ දෙසැමිබර් විජය පරිගණක සඟරාව සිංහල ෆයර්ෆොක්ස් හෑල්ලුවට ලක් කරල තියෙනවා.ඔවුන් දැන් වසර ගනනාවන සිට මයික්‍රොසොෆ්ට්ලට (කඩේ) යනවා.ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ අය කාට කඩේ ගියත් අනිත් පිලට මඩ ගහන්න බෑ.ඔවුන් පවසන්නේ මේක සිංහල පොරපිටියේ එක් සංදර්ශනයක් බවයි.එමෙන්ම මෙහි මෙලෙසද සටහන් වී තිබිණ

සිංහල වෙබ් බ්‍රවිසරය අරක- මේක හැදුවාය කියා ජනමාධ්‍ය හරහා
ලොකු ප්‍රචාරයක් දෙන හැම වෙලාවකම මිනිසුන් දුටු සිහිනය මෙයයි

මේ පවසන්නේ වෙබ් අඩවි භාෂා පරිවර්තක ගැනයි.ඔවුන් පවසන්නේ සිංහල වෙබ් අඩවි මාර්ගයෙන් අප සිංහල වෙබ් බ්‍රව්සරයක පහසුකම් දැඩි කොට පෙන්වූ බවයි.මේ අතර ඔවුන් පෙර පැවසූ පොරපිටියේ තවත් සංදර්ශනයක් ලෙස සිංහල යුනිකෝඩ් හඳුන්වා දී තිබේ.සමහර විට එම සඟරාව පවා සංස්කරණය කරන්නට ඇත්තේ සිංහල යුනිකෝඩ් මඟින් විය යුතුය,නමුත් අපේ නිර්මාණ හෑල්ලුවට ලක් කරන ඔවුන් මේ සඟරාව දිගින් දිගටම සිංහලෙන් පවත්වාගෙන යන්නේ ඇයි? ඔවුන්ගේ සැම සඟරාවකම අනිවාර්යයෙන්ම මයික්‍රොසොෆ්ට් පිළීබඳ ලිපියක් තිබේ.ලිනක්ස් ගැන ඔවුන් කටක්වත් අරින්නේ නැත.ඒ පිළීබඳ ප්‍රශ්නයක් නැඟුව හොත් ඔවුන් පවසනුයේ ලිනක්ස්වලට වඩා වින්ඩෝස් හොඳ බවය.තම රටේ නිර්මාණ තමුන්ම හෑල්ලුවට ලක් කරන සමාජයක් තුළ ඉංග්‍රීසි වටපිටාවෙන් මිදුණු සිංහල පරිගණකයක සිහිනයක් වත් දකින්නේ කෙලෙස ද?අප හෙමින් හෙමින් තබන ඒ අඩිතාලමට අකුල් හෙලන ම්ලේච්ඡයින්ද මෙරට ඇත.අපි ඊට අවාසනාවන්තයෝ ද?




දින දර්ශනය

December 2009
M T W T F S S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

දිනපොත

නැරඹූවන්

  • 4,437 යි