Archive for October, 2008

30
Oct
08

තවත් වටිනා මිනිසෙකුගේ අහිමි වීම හා තවත් දෑ

කාලෙකින් ලිපියක් ලිව්වෙත් නැති හින්දා ඔන්න ඉතින් අද ලියන්න වෙලාවක් සෙට් වුණා.දුක තමා, ඉස්සර වෙලාම ලියන්න වෙලා තියෙන්නෙ දුක හිතෙන දේවල් නොවැ.අපේ රටේ හිටිය වටිනාම මිනිසෙකු නැත්නම් අපේ රටේ හොඳම සංගීතඥයා අභවප්‍රාප්ත වෙලා.ඉපදුනානම් මැරෙන්න ඕන බව ඇත්ත, ඒත මේ තරම් වටින මිනිසෙකු අපේ රටට අහිමි විම රටෙන් කොටසක් නැති වූවා හා සමානයි.අපේ රටේ ස්වර සප්තකයේ මිහිරියාවේ අඩු පාඩුව තව නොබෝ දිනකින් අපේ සවනටත් හදවටත් දැනෙන්නට ලැබේවි.මේ ගැන විකසිත අයියාගේ පියසටහන්වල ලියල තිබ්බ බ්ලොග් වීඩියො ලිපියත් මේ ලිපිය ලියන්න හේතු වුණා.අනික මේ දීපවාලි සඳුදා 27 අපේ අම්මගෙ ස්ටාෆ් එකෙන් මාතරට ට්‍රිප් එකක් ගියා.ට්‍රිප් එක නම් එළ,ඒත් මට ඒ ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා.මේ ට්‍රිප් එකේදී අපි ගාලු කොටුවට ගියා.මෙතනදි එක අයියල පිරිසක් හිටියා,ඒ අපි රු.400 දුන්නහම ගාලු කොටුවෙ ඉදල මුහුදට පැනල පෙන්නනව.මේක තියෙන භයානක කම පොඩ්ඩ වැරදුනොත් මුහුදෙ පාවෙන්න වෙනවා,ඒ වගේම මට හිතුණා මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් දුක් විඳිනවද කියල.එදා දවස ජීවත් වෙන්න ජීවිතය වුනත් පරදුවට තියන්න ඔවුන් ඉදිරිපත් වෙනවා.අපේ කට්ටිය මේකට සල්ලි එකතු කරල දුන්නට මම නම් මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති වුන් නෑ.මොකද කිව්වොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න මීට වඩා හොඳ ක්‍රම ඕනෙ තරම් තියෙනවා. අන්තිමේ රු.400 ලැබුනට පස්සේ මුහුදට පැනල පෙන්නුව,පයින්නෙ ගැඹුරු තැනකටලු.මොනව වුනත් මේක එච්චර හොඳ වැඩක් නෙමේ කියන එකයි මගේ අදහස.ඒක නෙමෙයි මම මේ බල බල ඉන්නෙ මිනි මැරතන් දුවන දවස එනකල්.ආසාවෙ බෑ, මොකද මේක තමයි මගේ පලවෙනි මැරතන් දිවිල්ල.පරණ කට්ටියව තව ෆිට් කරගන්න මේකත් හොද අවස්ථාවක්නෙ.අනික අර කලින් වගේ “මමත් දුවනවා මැරතන්” කියල බැනර් එකක් හෙම හදන්නෙ නැද්ද? මමත් ඒක මගේ බ්ලොග් එකේ ප්‍රදර්ශනය කරන්න ආසාවෙනුයි ඉන්නෙ.

කේමදාසයන්ට නිවන් සැප




දින දර්ශනය

October 2008
M T W T F S S
« Sep   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

දිනපොත

නැරඹූවන්

  • 4,433 යි