06
Sep
08

Made in Sri Lanka

දැන් දවස් දෙකකට විතර කළින් ගෙදරට බඩු ටිකක් අරන් ආවා.ඔන්න ඉතින් මම මේ හැම එකක්ම අරගෙන ඒවයෙ විස්තර කියවල බලනවා.පුදුම වැඩේ කියන්නේ මේවායේ ගහල තියෙන්නේ “Made in China”, “Made in Singapore” එහෙමත් නැත්නම් “Made in England”.අනේ ඇත්තමයි මට මේක දැක්කහම හිතුණා.අපිටත් මෙහෙම අනන්‍යතාවයක් හදන්න බැරි ඇයි කියලා.මෙතන තියෙන සමහර බඩු ලංකාවේ හදලත් “Made in  China” කියල දානවනේ ලැජ්ජාවක් නැතුව.මේ ප්‍රශ්නෙට ලංකාවෙන් අන්තර්ජාතික නොවන පොඩි හරි විසඳුමක් දැන්නම් “ගන්න අපේ දේ” සංකල්පය හරහා ලබා දෙනවා.ඒක ගැන සන්තෝස වෙනවා වගේම මේ තත්ත්වය ගැන දුක් වන්නටත් සිදු වෙනවා.හැබැයි මට මෙන්න මෙහෙමත් හිතුණා.අපිට බැරිද අපේ වෙබ් අඩවි, බ්ලොග් අඩවිවලට එහෙම “ශ්‍රී ලාංකික නිර්මාණයකි” ව‍ගේ සම්මත ලකුණක් ලබා දෙන්න.මේ වැඩෙන් අපිට ලොකු දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන්.ඒත් එහෙම කිය කිය ඉන්නවට වඩා අපි පොඩි හරි විසඳුමක් ගන්න එක නරක ද?ඔබේ අදහස කුමක් ද?


2 Responses to “Made in Sri Lanka”


  1. September 6, 2008 at 14:28

    ඇත්තෙන්ම මල්ලි ඒක නම් ශෝක් අදහසක්. මමත් අදම දානවා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වන වැකියක් මගෙ බ්ලොග් එකටත්…….
    අපිටත් මේ අපේ දෙයක් කියලා කියලා කියන්න කිසිම බැරිකමක් නෑනෙ!!!!!

  2. September 7, 2008 at 07:15

    ඔව් අයියේ අයියගෙ අදහස නම් විශිෂ්ටයි.මොක ද අපිටත් අපේම කියල අනන්‍යතාවයක් තියෙන්න ඕනෙනේ.මම ත් වැකියක් ළඟදිම දාන්නම්


Leave a Reply




දින දර්ශනය

September 2008
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

දිනපොත

නැරඹූවන්

  • 4,424 යි