විෂුවල් බේසික් පිළිබඳ සිංහල භාෂාවෙන් යොමු වී ඇති අඩු අවදානයේ පුරුකක් ඉවත් කරමින් අප එකතුව විසින් මෙම අඩවිය ආරම්භ කරන ලදී.මෙම අඩවිය හරහා ඔබට විෂුවල් බේසික් පිළිබඳ වැඩි දුර යමක් හැදෑරීමටත්, තමන් සතු දැනුම බෙදා හදා ගැනීමට ඒ දැනුම ප්‍රගුණ කර ගැනීමටත් ඉතා විශිෂ්ට සහයක් ලැබේයැයි යන්න අපගේ හැඟීමයි. අන්තර්ජාලයෙහි විෂුවල් බේසික් පිළිබඳ සිංහල භාෂාවෙන් යම් ස්ථාවරයක් ගොඩනගා ගැනීමේද පොදු අරමුණින් පණ ගන්වන ලද මෙම අඩවිය මෙම අඩවිය විෂුවල් බේසික් ප්‍රවීණයන්ට ද, නවකයින්ට ද ඉතා හොඳ තෝතැන්නක් වනු ඇත.එමෙන්ම මෙම එකතුව හා සම්බන්ධ ගූගල් සමූහයක් බ්ලොග් අඩවියක් ද පවතී.ඕනෑම අයෙකුට අපගේ ගූගල් සමූහයට එක් වී තමා ට අවශ්‍ය වන කේත ආදිය ලබා ගත හැකි ය.ඊට අමතඑව පහත දැක්වෙන පහසුකම්ද ඔබට ඇති තාක් භුක්ති විදි ය හැකි ය.
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය කේත VB ව්‍යාපෘති(VB Project Files) ගොනු සමඟ ලබා ගැනීමේ පහසුව
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය උපකරණ(components) ලබා ගැනීමේ පහසුකම
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය වත්කම්(resources) ලබා ගැනීමේ පහසුකම
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය කේත එකතුවෙහි සාමාජිකයන් සමඟ කතාබහෙහි යෙදී සොයා ගැනීමේ පහසුව
● ඔබ විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග සඳහා ප්‍රචාරය ලබා දීම.
● අප සංගමයේ මෙන්ම වෙනත් විෂුවල් බේසික් ප්‍රවීණයන් ද ඇසුරු කළ හැකි වීම
● ඔබ නමැවූ මෘදුකාංග අපගේ වෙබ් අඩවියේ සාමාජිකයින්ගේ මෘදුකාංග ලැයිස්තුවට ඇතුළත් කර දීම හා එමගින් මෙය ලොකයේ ඕනෑම අයෙකුට බාගත කිරීමේ පහසුව
● ඔබට අවශ්‍ය නම් co.cc ඩොමේන් එකක් යටතේ ඔබ නිමැවූ මෘදුකාංග සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර දීම.
● ඔබගේ වෙළඳ දැන්වීම් නොමිලයේ සහ මුදල් සඳහා මෙම වෙබ් අඩවියෙහි ප්‍රචාරනය කර දීම.
● විෂුවල් බේසික් පිළිබඳ නවතම තොරතුරු ඔබගේ ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීමේ පහසුකම
● ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නොමිලයේ ලින්ක් ලබා
● ඔබ විසින් නිර්මාණය කර අපට ලබා දෙන ලිපි මාධ්‍යයේ ස්වයං අධ්‍යාපනික වැඩසටහන් මෙම අඩවියෙහි ප්‍රචාරනය කිරීම හා එමගින් ඔබට විෂුවල් බේසික් පිළිබඳ අන්තර්ජාලයෙහි යම් අනන්‍යතාවයක් සාදා දීම.
මේ සියලු පහසුකම් භුක්ති විදීමට ඔබ කළ යුත්තේ අප සමඟ එක් වීම පමණි.
මටත් අහගන්න දේවල් ගොඩක් තියෙනවා……. මරු……….