මේ දවස්වල මට අමුතුම පිස්සුවක් ගහලා.ඒ තමයි මැරුණට පස්සෙ ආයෙ ජීවත් වෙනවද කියල හොයන එක.අනේ මන්දා මම නම් දැනට විශ්වාස කරන්නේ, මරණයෙන් පස්සේ තවත් ජීවිතයක් නැහැයි කියලා.මේ ළඟදි මට හමු වුණ සඟරාවක මේ වගේ විස්තර ටිකකුත් තිබුණා.මේක බොහෝ දුරට ක්‍රිස්තියානි ආගමට බර සඟරාවක්.2007 වසරේ ඇමරිකාවේ විශ්‍රාමිකයින්ගෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළී වී ඇත්තේ මරණයෙන් පසු ජීවිතයක් ඇති බවට සියයට 73 ක් ද, මරණයෙන් පසු ජීවිතයක් නැති බවට සියයට 25 ක්ද එකඟ වී ඇති බවයි.නමුත් මින් පැණ නඟින ගැටළුව නම් මිනිසුන් විශ්වාස කරනුයේ මිනිසුන් ආශා කරන දෙයද යන්නයි.මේ පිළිබඳ කිතුනු ආගමෙහි සඳහන් වනුයේ මෙලෙසයි.ලෝකයේ මුල්ම මිනිසා වූ ආදම් නිර්මාණය කර දෙවිඳු ඔහුට ගෙඩි නොකෑමට අණ කරන ලද ගහකින් ආහාර ගැනීමයි.මේ හේතුවෙන් දෙවියන් ඔබ අනිවාර්යයෙන්ම මරණයට පත් වන බවට දෙවිඳ ප්‍රකාශ කර ඇත.මින් පසු පැවතගෙන එන මිනිස් පරපුර මේ පාපය පැවතගෙන එමින් මහළු වී මරණයට පත් වෙති.කෙසේ නමුත් මගේ විශ්වාසය නම් මරණයෙන් පසු නැවත ජීවිතයක් නැති බවයි.නමුදු බහුතරයකගේ විශ්වාසය වනුයේ මරණයෙන් පසු ජීවිතයක් ඇත යන්නයි.ඔබ මෙය අදහන්නේ කෙසේ ද?
Archive for September, 2008
මරණයෙන් පසු ජීවිතයක් ඇත් ද?
Made in Sri Lanka
දැන් දවස් දෙකකට විතර කළින් ගෙදරට බඩු ටිකක් අරන් ආවා.ඔන්න ඉතින් මම මේ හැම එකක්ම අරගෙන ඒවයෙ විස්තර කියවල බලනවා.පුදුම වැඩේ කියන්නේ මේවායේ ගහල තියෙන්නේ “Made in China”, “Made in Singapore” එහෙමත් නැත්නම් “Made in England”.අනේ ඇත්තමයි මට මේක දැක්කහම හිතුණා.අපිටත් මෙහෙම අනන්‍යතාවයක් හදන්න බැරි ඇයි කියලා.මෙතන තියෙන සමහර බඩු ලංකාවේ හදලත් “Made in China” කියල දානවනේ ලැජ්ජාවක් නැතුව.මේ ප්‍රශ්නෙට ලංකාවෙන් අන්තර්ජාතික නොවන පොඩි හරි විසඳුමක් දැන්නම් “ගන්න අපේ දේ” සංකල්පය හරහා ලබා දෙනවා.ඒක ගැන සන්තෝස වෙනවා වගේම මේ තත්ත්වය ගැන දුක් වන්නටත් සිදු වෙනවා.හැබැයි මට මෙන්න මෙහෙමත් හිතුණා.අපිට බැරිද අපේ වෙබ් අඩවි, බ්ලොග් අඩවිවලට එහෙම “ශ්‍රී ලාංකික නිර්මාණයකි” වගේ සම්මත ලකුණක් ලබා දෙන්න.මේ වැඩෙන් අපිට ලොකු දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන්.ඒත් එහෙම කිය කිය ඉන්නවට වඩා අපි පොඩි හරි විසඳුමක් ගන්න එක නරක ද?ඔබේ අදහස කුමක් ද?
ඇති තරම් හැක් කරන්න
මම කාලයක් තිස්සේ ඇසුරු කරන මරු සයිට් එකක් ගැන කියන්න හිතුණා.ගිහිල්ලම බලන්නකෝ මෙතනින් අපිට ඇති තරම් හැක් කරන්න ඉගෙන ගන්න පුලුවන්.මේ සයිට් එකේ සේරම තියෙන්නේ online tutorials විතරයි.මෙතන තියෙන සමහර හැකින්වලින් අපිට xp පෙනුම තනිකරම vista කරගන්න වුනත් පුලුවන්.රෙජිස්ටර් වෙන්නවත් ඕනෙ නැති මේ සයිට් එකේ සේරම වැඩ කරන්නේ Res Hacker කියන මෘදුකාංගයෙන්, මෙතන ඒ මෘදුකාංගය ගන්න ලින්ක් එකක් දීලා ඇති.මෙතන ෆයර්ෆොක්ස් ගැනත් කතා තියෙනවා.ඒත් ඒවනම් හැක් කරන ඒවා නෙමෙයි. සයිට් එකේ නම Tweaking with Vishal
විෂුවල් බේසික් පිළිබඳ සිංහල භාෂාවෙන් යොමු වී ඇති අඩු අවදානයේ පුරුකක් ඉවත් කරමින් අප එකතුව විසින් මෙම අඩවිය ආරම්භ කරන ලදී.මෙම අඩවිය හරහා ඔබට විෂුවල් බේසික් පිළිබඳ වැඩි දුර යමක් හැදෑරීමටත්, තමන් සතු දැනුම බෙදා හදා ගැනීමට ඒ දැනුම ප්‍රගුණ කර ගැනීමටත් ඉතා විශිෂ්ට සහයක් ලැබේයැයි යන්න අපගේ හැඟීමයි. අන්තර්ජාලයෙහි විෂුවල් බේසික් පිළිබඳ සිංහල භාෂාවෙන් යම් ස්ථාවරයක් ගොඩනගා ගැනීමේද පොදු අරමුණින් පණ ගන්වන ලද මෙම අඩවිය මෙම අඩවිය විෂුවල් බේසික් ප්‍රවීණයන්ට ද, නවකයින්ට ද ඉතා හොඳ තෝතැන්නක් වනු ඇත.එමෙන්ම මෙම එකතුව හා සම්බන්ධ ගූගල් සමූහයක් බ්ලොග් අඩවියක් ද පවතී.ඕනෑම අයෙකුට අපගේ ගූගල් සමූහයට එක් වී තමා ට අවශ්‍ය වන කේත ආදිය ලබා ගත හැකි ය.ඊට අමතඑව පහත දැක්වෙන පහසුකම්ද ඔබට ඇති තාක් භුක්ති විදි ය හැකි ය.
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය කේත VB ව්‍යාපෘති(VB Project Files) ගොනු සමඟ ලබා ගැනීමේ පහසුව
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය උපකරණ(components) ලබා ගැනීමේ පහසුකම
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය වත්කම්(resources) ලබා ගැනීමේ පහසුකම
● ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍ය කේත එකතුවෙහි සාමාජිකයන් සමඟ කතාබහෙහි යෙදී සොයා ගැනීමේ පහසුව
● ඔබ විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග සඳහා ප්‍රචාරය ලබා දීම.
● අප සංගමයේ මෙන්ම වෙනත් විෂුවල් බේසික් ප්‍රවීණයන් ද ඇසුරු කළ හැකි වීම
● ඔබ නමැවූ මෘදුකාංග අපගේ වෙබ් අඩවියේ සාමාජිකයින්ගේ මෘදුකාංග ලැයිස්තුවට ඇතුළත් කර දීම හා එමගින් මෙය ලොකයේ ඕනෑම අයෙකුට බාගත කිරීමේ පහසුව
● ඔබට අවශ්‍ය නම් co.cc ඩොමේන් එකක් යටතේ ඔබ නිමැවූ මෘදුකාංග සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර දීම.
● ඔබගේ වෙළඳ දැන්වීම් නොමිලයේ සහ මුදල් සඳහා මෙම වෙබ් අඩවියෙහි ප්‍රචාරනය කර දීම.
● විෂුවල් බේසික් පිළිබඳ නවතම තොරතුරු ඔබගේ ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීමේ පහසුකම
● ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට නොමිලයේ ලින්ක් ලබා
● ඔබ විසින් නිර්මාණය කර අපට ලබා දෙන ලිපි මාධ්‍යයේ ස්වයං අධ්‍යාපනික වැඩසටහන් මෙම අඩවියෙහි ප්‍රචාරනය කිරීම හා එමගින් ඔබට විෂුවල් බේසික් පිළිබඳ අන්තර්ජාලයෙහි යම් අනන්‍යතාවයක් සාදා දීම.
මේ සියලු පහසුකම් භුක්ති විදීමට ඔබ කළ යුත්තේ අප සමඟ එක් වීම පමණි.
අදහස්