Archive for August, 2008

23
Aug
08

නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට ‍තවත් තැනක්

සඳහා සැකසූ ලිපියකි.

ඔබටත් අවශ්‍යද මුදල් වියදම් නොකරමින් නොමිලේ වෙබ් අඩවියක් සෑදීමට.මෙන්න ඒ සඳහා උසස්ම ගනයේ වෙබ් අඩවියක්. http://www.synthasite.com වෙත පිවිස බලන්න.මෙම වෙබ් අඩවියෙහි වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අපට ලබා ගත හැකි ප්‍රතිලාභ ගොන්නකි.ඉන් කිහිපයක් නම්,

  • තමන්ගේ වෙබ් අඩවියෙහි කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය නොකෙරේ
  • කිසිදු බාගත කිරීමක් අවශ්‍ය නොවේ(ඔබට අවශ්‍ය නම් පමණක් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය බාගත කර ගත හැකි ය.)
  • ඔබට සතු ඩොමේන් එකකට හොස්ට් කිරීමේ අයිතියද ලැ‍බෙන අතර අවශ්‍ය නම් synthasite.com යන සබ් ඩොමේන් එකක් වෙතට හොස්ට් කළ හැකි ය.
  • මනබඳින templates පිටු 34 කින් තෝරා ලබා ගත හැකිය.

මේ සියළු පහසුකම් සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර සීමා මායිම් පැනවීම පවා අවම මට්ටමකින් පවතී.මීට අමතරව ගූගල් ඇඩ්සෙන්ස්, විජිට්ස් ඇතුළු ඕනෑම මෙවලමක් මේ සමඟ හොඳින් ක්‍රියාත්මක වේ.

14
Aug
08

අන්තර්ජාලය මරණ මංචකයේ ද?

මේ මහ පුදුම වැඩක්නේ ඊයේ හවස හරි ගියපු අන්තර්ජාල සම්බන්ධතාවය අද බිඳවැටිලා.උදෙ හොඳට වැඩ දවල් වෙන කොට brakedown.අන් මන්දා මෙහෙම connenction එකක් තිබ්බ‍ට වඩා හොඳයි නැති වුනානම්.මොක ද මම විතරද අන්තර්ජාලයට යන්නේ ලොකු ලොකු සමාගම් ද, අරකද මේකද කීයක් නම් මේ අන්තර්ජාලය භුක්ති විදිනව ද?.දැන් නම් තිත්ත වෙලා තියන්නේ.අඩුම ගානේ මට සංගමේ කතාබහට වත් යාගන්න බෑ.ඒක මොක ද ආරම්භක පිටුව වෙච්ච ගූගල්වලටවත් යන්න බැරි එක.මේකට හේතුව මොකක් වෙන්න ඇත් ද?.කේබල් ප්‍රශ්නයක් ද දන්නෑ.දැන් මේ ලිව්වට මේක පබ්ලිෂ් කරන්නත් ලේසි වන එකක් නෑ.

13
Aug
08

ටෙලිකොම්ලාට අමු කැවිල ද?

මාස ගානකට කළින් ඉල්ලුම් කරපු ටෙලිෆෝන් ඩිරෙක්ටරියේ සීඩී එක ඊයේ යන්තම් ගෙදරට ආවා.ඔන්න ඉතින් හරි ලස්සන නාමාවලියක් වෙන්න ඇති කියලා දාගෙන ඉනිසිටෝල් කරලා.රන් කරා.තුං! විතරක් මේ මොකක්ද මේ?.ඔන්න ඔය ටික තමයි ඒ වෙලාවේ මගේ කටට ආවේ.මේක දාගෙන ඉන්න අය දන්නවා නැතෑ ඔය ගැන.හරියට නිකං පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ  මෘදුකාංගයක් වගේ.ඒ මදිවට ෆුල් ස්ක්‍රීන්.අනිත් වැඩේ මේක හදලා තියෙන්නේ .net වලින්,එහෙව් එකේ මේක මෙච්චර කැතට හදන්න මොන වදයක් විදින්න ඇද්ද..net වලින් මෘදුකාංගයක් හැදුවහම බලන්න ඕනේ ඒකේ ලස්සන.අනේ මන්දා මුන්ට අමු කැවිල ද කියලා.මේක ෆුල් ස්ක්‍රීන් කරගෙන තියෙන්නේත් ඇගේ අමාරුවකට ද කොහෙ ද.මොක ද කිව්වොත් බාගෙට බාගයක් හිස් මොනවත් නෑ.ඒ ඉඩ නාස්ති කරලා ෆුල් ස්ක්‍රීන් කරගෙන.අනිත් වැඩේ මේකේ තාම තියෙන්නේ .netවලින් දෙන ඩිෆෝල්ට් අයිකන් එක.

මේ පහත පෙන්නන්නේ හිස් ඉඩ හා අයිකනය යි.

wrong

12
Aug
08

මට ෆයර්ෆොක්ස්වලින් අයින් වෙන්නලු

ඔන්න ඉතින් සුබ මොහොතින් අද දවල් මම කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා ඩයල් කරලා ෆයර්ෆොක්ස් ඕපන් කළා.හෝම් පේජ් එක විදියට තිබ්බ ගූගල්වල xml එරර් එකක්ලු.ආයේ ලොඩ් කරා.හිටිගමන් වැඩ.සමහර වෙබ් පේජ් ලොඩ් කරලා ඒකෙ ලින්ක් ක්ලික් කරහම ආයෙ xml එරර් ලු.හරියන් නෑ වැඩේ.ආයේ ගන්න ගියා මොසිල්ලා එකට.මලා ඒක ලෝඩ් වෙන්නෙත් නෑ.මඟුල.ඔන්න ඉතින් දස වද විඳලා ලෝබ් කරලා ගන්න හැදුවා ඉංග්‍රීසි එක.ඒකත් බෑ.ඒ ගමන සිංහල එක යන්තම් අර ගත්තා.ඔන්න ආයේ ඉන්ස්ටෝල් කරලා රන් කරා ඒ……… අර ටිකම තමා මගේ බ්ලොග් එකට නිකන් මිටියෙන් ගහලා වගේ පෙන්නන්නේ.දැන් මොකද කරන්නේ.IE පාවිච්චි කරන්නත් බෑ ස්ලෝ වැඩී. ෆ්ලොකුත් බෑ සිංහල හරියට ලියන්න තියා කියවන්නවත් බෑ.මලා කොර ගන්න දෙයක් නෑ.දැන් ඉතින් සෆාරිවල පිහිට තමා,ඒත් මට ඒක එච්චර අල්ලන් නෑ.ම්කට විසඳුමක් කියවන ද?බොහොම ස්තූතියි.

05
Aug
08

ලිපියකට අදහස් ලබා ගන්නා ක්‍රම

මේ ළඟදී මට අපූරු වෙබ් අඩවියක් මුණ ගැහුනා.එහි මෙහෙම පවසලා තිබුනා. “All is not the same, Because of that wait in my site for a few, the difference which you feel about my site tell to me by writing a comment” මේ මගින් කර ඇත්තේ මෙම අඩවිය සඳහා පාඨක ප්‍රතිචාර ගෙන්වා ගැනීමයි.මේ බව දැන ගත් මම මේ පිළිබඳ වැඩි තොරතුරු සොයන විට ලිපියකට අදහස් නැත්නම් comment ගෙන්වා ගන්නා අයුරු සඳහන් වුනු ලිපියක් හමු වුනා. ඒ ලිපිය ඔබටත් කියන්න හිතුනා.

    1. ලිපිය නරඹන්නන් අදහසක් තබා යන්නට ධෙර්යයමත් කරවන්න.
    2. ලිපිය අවසානයේ ප්‍රශ්නයක් අසන්න.
    3. පාඨකයන් තැබූ අදහස් පිළිබඳව ප්‍රශ්න කරන්න. එමඟින් එය සාකච්ඡාවක් ලෙස ඉදිරියට ගෙනයන්න.
    4. හැකිනම් ඒ වෙනුවෙන් කුඩා ප්‍රතිලාභ ලබා දෙන්න. එම වසරේ වැඩිම අදහස් ගනනක් ලියූ 10 දෙනා පිළිබඳව ලිපියක් ලියන්න.
    5. අදහස් තැබීමේ ක්‍රමය පහසු කරන්න.ලියාපදිංචි වීම්. captcha පරවීම් ඉවත් කරන්න
    6. ලිපි සඳහා සිත් ඇදගන්නා සුළු මාතෘකා යොදන්න.
01
Aug
08

yuthmax අපිට හොඳ තෝතැන්නක්

ඊයෙ මම ආසාවට වගේ yuthmax වල ලියාපදිංච් වුණා. හිතුවා වගේ නෙමේ yuthmax කියන්නේ බ්ලොග් කරන අපිට හොඳ තැනක්. මොකද කිව්වොත් ඒක බ්ලොග් එකක් වගේ නෙමේ අපේ හැකියාවන් අනිත් අයට පෙන්වන්නත් ගැළපෙනවා. ඒ වගේමයි ඔවුන් අපට හොඳ තෝතැන්නක් අන්තර්ජාලය තුළ නිර්මානය කර දෙනවා. අනික මෙමගින් අපට බොහෝ පහසුකම් ලැබෙනවා. වෙබ් ලිපින. බ්ලොග් එකක් වගේ ම පුදුමයට කරුණක් වන අඩවියේ පරිපාලක පහසුකම් පවා ලබා දෙනවා.ඊයෙ මම ලියාපදිංච් වෙලා එක ලිපියක් දැම්මා. එය පිළිබද අවශ්‍ය අදහස් දැක්වීමටත් මෙහි අවස්ථාව දී තිබෙනවා. ඔබත් මෙහි ලියාපදිංච් වෙන්න. ඔබේ තාරුණ්‍යයේ හඬ ඔවුන් සමඟ නගන්න.




දින දර්ශනය

August 2008
M T W T F S S
« Jul   Sep »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

දිනපොත

නැරඹූවන්

  • 4,424 යි