19
Jul
08

හැක් කිරීම සාධාරණ ද?

මම මේ දවස්වල කම්මැලිකමට කරන්නෙ හැක් කරන එක. හැබැයි මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. හැක් කරන එක සාධාරණ ද ?  අසාධාරණ ද ? මේ මාගේ හැඟීම -  මම හිතන විදියට නමි හැක් කිරීම ප්‍රශ්ණයක් නෑ. ඒත් මට ඒක සාධාරණයි කියන්න නම් බෑ. හැක් කිරීමේ ප්‍රශ්ණයක් නැති වෙන්නෙ එක් තරා වූ සීමාවකට හැක් කරොත් පමණයි. අපි හැක් කිරීමේදී ඊට ගැළපෙන මෘදුකාංග තෝරා ගන්න ඕන. හැම තිස්සෙම හැක් කිරීමේදී ඊට නිදහස් නොවන මෘදුකාංග තෝරා ගැනීම වැදගත්. නිදහස් මෘදුකාංග නිකුත් කරනුයේ  කේත අරගෙන වෙනස් කරන්න මිස හැක් කරල වෙනස් කරන්න නෙමෙයි.  මුදලට විකුණන මෘදුකාංග හැක් කිරීමේ වරදක් මම දකින්නෙ නෑ. නමුත් හැක් කරන ලද මෘදුකාංග වානිජ දියුණුවට යොදා ගැනීමනම් වැරදියි කියලයි මම හිතන්නෙ. හැක් කිරීම යම් තාක් දුරට මෘදුකාංග දියුණුවටත් බලපානවා. ඒ කොහොම ද කිව්වොත් අපි මෘදුකාංගයක් හැක් කිරීමෙන් ඊට එකතු කරන අලුත් පහසුකම් එම මෘදුකාංගයේ අලුත් පරම්පරාවක් නිර්මාණය කරනවා. මේ කොහාම වුනත් තමන් හදපු මෘදුකාංගයක් තමන් ඉස්සරහම හැක් කරොත් ඔබට මොනවා හිතෙයි ද ? ලොකු ප්‍රශ්ණයක් ?

_______________________________________________________________________________


5 Responses to “හැක් කිරීම සාධාරණ ද?”


  1. July 20, 2008 at 03:02

    හැක් කිරීම සහ හැක් කරන්නා යන්නෙන් අදහස් කරන දෙය මෘදුකාංග වෙලඳපොලත්, පේටන්ට් බලපත්‍රත් එක්ක වෙනස් වෙලා තියෙනවා

    නිදහස් මෘදුකාංග සම්බන්ධයෙන් ගත් විට හැක් කිරීම ඉතා ධනාත්මක දෙයක්

    මේ ගැන ඉතා හොඳ සම්මුඛ සාකච්ඡාවක් සඳහා මේ පිටුව බලන්න
    http://www.gnu.org/philosophy/rms-hack.html

  2. July 20, 2008 at 08:50

    හැකි කලේ නැතිනම් මේ වෙ‍නකොට අපි පාවිචිචි කරන මෘදුකාංග වලින් බාගයක්වත් පාවිචිකරන්න වෙන්නෙ නෑ.
    ලංකාව වගේ ර‍ටකට හැක් සරනං ගචිචාමි ඇරෙන්නෙ වෙන කිනම් පිහිටද

  3. July 25, 2008 at 18:02

    ඔයාගේ මාතෘකාවට දෙන උත්තරය නම්..
    හැක් කිරිම හොඳ දෙයක්!

    මේක වැරදි අර්ත කතනයක්.
    ඔය හැමොම කියන “Linux OS” එකත් එහෙම එකක්.
    Linux කියන්නේ kernel එක. ඒක OS එකක් නෙමේ.
    GNU/Linux ලෙස අපිට OS එක කියන්න පුලුවන්.

    මේ දෙක කියවන්න…
    http://en.wikipedia.org/wiki/Hacker_(free_and_open_source_software)
    http://en.wikipedia.org/wiki/Hacker_(computing)

    මගේ අදහසේ වැරද්දක් ඇත් නම් හදන්න.

  4. July 30, 2008 at 04:29

    “හැක්” කිරීම හා “කැරැක්” කිරීම පටලවා ගන්න එපා.

    ඔය අපි හොරෙන් සිරියල් දාලා හා “කැරැක්” කරලා බාවිතා කරන ඒවාට කියන්නේ ක”කැරැක්” කරනවා කියා, එසේ කරන කෙනා “කැරැකරි” වෙනවා.

    හැකර් කියන එකත් කොට්ටාස දෙකකට බෙදෙනවා, අනුනෙගේ දත්ත හොරෙන් ගන්න හා පද්දති වලට හොරෙන් ඇතුල් වෙන්න උත්සාහ කරන අය ඔය කිහන නරක විදියේ “හැකර්”ලා

    කොහොම උන්ත් ඔය අනිත් අයට කරදරයක් හෝ වරදක් වෙන විදියට ඔය හැක් කරන එක සදාචාරයට පටහැනියි.

    http://en.wikipedia.org/wiki/Hacker_ethic

    අනික අපේය නොදන්න තව දෙයක් තියනවා, ඔය “කැරැක්” කරනකොට තමන්ගේ පරිගනකයට නොදැනම වයිරස් වෙගේම ටොරෝජන් වගේ දෑ ඔය කැරැක් එකක් එන බව, තමන් නොදැනම තමන්ගේ පරිගනකයට හානි කරගැනීමක් මේක.


Leave a Reply




දින දර්ශනය

July 2008
M T W T F S S
    Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

දිනපොත

නැරඹූවන්

  • 4,475 යි