Archive for July, 2008

31
Jul
08

ස්ටුඩියෝවේ වැඩකිඩ

මේ ළඟදී youtube එකේ ජනප්‍රියතම වීඩියෝ ගොන්න අවුස්සන කොට හිත වසඟ කරන වීඩියෝ එකක් හම්බ වුණා.මේ වීඩියෝ එකේ තියෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් වන ubuntu studio හි වැඩකිඩයි. වීඩියෝ එක බැලුවහම මට හිතුණා  මේ මෙහෙයුම් පද්ධතියක් ද නැත්නම් අතේ තියා‍ගෙන නටවන සෙල්ලම් භාණ්ඩයක් ද කියලා. මේ මෙහෙයුම් පද්ධතිය බාගත කරන්න ” www.ubuntustudio.org ” අඩවියට පිවිසෙන්න.

30
Jul
08

මලකඩ පාසල්

ඊයේ උදේ අපේ අම්මාගේ යාළුවෙක්ගේ තාත්තා නැති වෙලා ඒ වෙනුවෙන් දුගී පන්තියෙ ඉස්කෝලෙකට කෑම වේලක් දුන්නා. මේ ඉස්කෝලේ තියෙන්නෙ මේ මහ නගරබද කොළඹ ගුණසිංහපුරේ. නම හාවඩ් විද්‍යාලය. මුළු පාසලටම තියෙන්නෙ එකම එක ගොඩනැගිල්ලයි.ඒකත් ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හදපු එකක්. ළමයි 42 යි.ඒත් එක වසරේ ඉදන් පහ වසරට යනකල් පන්ති තියෙනවා. ගුරුවරුත් දෙන්නයි. ගිහාම ඇස්වලට කඳුලු උනනවා මොකද කිව්වොත් මෙතන ඉන්නෙ පාරේ හිඟාකන, එලවළු කරත්ත අදින දෙමව්පියන්ගේ ලමයි.මේ ළමයි මෙහෙම හරි පාසල් එවන්නෙ පාසලෙන් ළමයින්ට දවල් කෑම දෙන නිසා. ගුරුවරු කියන විදියට මෙ කන කෑම වේලෙන් පස්සෙ ආපහු හෙට පාසල් එනකල් කෑමක් නෑ. අපි කෑම දුන්නෙත් මේ කෑම වේල වෙනුවෙන්. මේ පාසලේ විදුහල්පතිතුමා එයාගේම පෞද්ගලික ධනයෙන් මේ ළමයින්ට බොහොම සම්පත් දීලා තියෙනවා.විශේෂයෙන්ම සපත්තු, නිල ඇඳුම වගේ ඒව.මේ ළමයින්ගෙන් වැඩි පිරිසකට ගෙවල් නෑ. බස් නවත්තන තැන්වල ඉදලා තමයි උදේට පාසල් එන්නේ. ඒ හින්දා නාන්නත් පහසුකම් සපයලා තියෙනවා. මට හිතාගන්න බැරි ඇයි අධ්‍යාපන අමාත්‍යංශ මෙ පාසල් ගැන අවධානය යොමු නොකරන්නේ.සමහර දෙමව්පියෝ අහනවලු සෙනසුරාදට ඉරිදටත් පාසල් තියන්න බැරිද කියලා.මොකද දරුවන්ගේ අවශ්‍යතා තමන්ට වඩා හොඳට පාසල ලබාදෙන නිසා. අපි මෙතන ඉන්න කොට ආවා තාත්තා කෙනෙක් ළමයෙක්ගෙ කොණ්ඩෙ අවුස්සගෙන පිස්සෙක් වගේ. තාත්තා මෙහෙම නම් ළමයා කොහොම වෙයිද.පාසලේ විදුහල්පති කළින් තර්ස්ටන් එකේ ගුරුවරයෙක්. එයා කියනවා අපේ තර්ස්ටන් ළමයින්ට උගන්නන්න කළින් මේ ළමයි හදන්න ඕනේ. නැත්නම් අපේ ළමයින්ගේ සාක්කුවට ගහන්නෙත් මේ ළමයි කියලා. ඇත්ත තමයි, මේ ළමයි පාසල් එවලා උගන්නන්න ඉස්සෙල්ලා විනය හදන්න ඕනේ. ඒ වගේම සෞන්දර්යයට යොමු කරන්න ඕනේ.ඕවා මොනවා කරන්නත් අධ්‍යාපන අමාත්‍යංශවල ඇස් ඇරෙන්න ඕනේ.නැත්නම් මලකඩ පාසල්වලට ඉතුරු වෙන්නෙ මලකඩම විතරයි.

28
Jul
08

විස්ටාවලට ගියපු කලදසාව

මේ ළඟදී නෙට් එකේ ඉන්න කොට badvista අඩවියෙන් මරු ඊ මේල් එවලා තිබුණා. ඒක දැක්කහම මට හිතුණා විස්ටාවලට ගියපු කල කියලා.

windowsvistaballmerpiraxz7

hunted vita

Thank Hunt2 42464-480-269

Bad_20Vista_small 58735-1

20
Jul
08

ඔබ වෙනුවෙන් අපි

__________________________________________________________________________________________

19
Jul
08

හැක් කිරීම සාධාරණ ද?

මම මේ දවස්වල කම්මැලිකමට කරන්නෙ හැක් කරන එක. හැබැයි මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. හැක් කරන එක සාධාරණ ද ?  අසාධාරණ ද ? මේ මාගේ හැඟීම -  මම හිතන විදියට නමි හැක් කිරීම ප්‍රශ්ණයක් නෑ. ඒත් මට ඒක සාධාරණයි කියන්න නම් බෑ. හැක් කිරීමේ ප්‍රශ්ණයක් නැති වෙන්නෙ එක් තරා වූ සීමාවකට හැක් කරොත් පමණයි. අපි හැක් කිරීමේදී ඊට ගැළපෙන මෘදුකාංග තෝරා ගන්න ඕන. හැම තිස්සෙම හැක් කිරීමේදී ඊට නිදහස් නොවන මෘදුකාංග තෝරා ගැනීම වැදගත්. නිදහස් මෘදුකාංග නිකුත් කරනුයේ  කේත අරගෙන වෙනස් කරන්න මිස හැක් කරල වෙනස් කරන්න නෙමෙයි.  මුදලට විකුණන මෘදුකාංග හැක් කිරීමේ වරදක් මම දකින්නෙ නෑ. නමුත් හැක් කරන ලද මෘදුකාංග වානිජ දියුණුවට යොදා ගැනීමනම් වැරදියි කියලයි මම හිතන්නෙ. හැක් කිරීම යම් තාක් දුරට මෘදුකාංග දියුණුවටත් බලපානවා. ඒ කොහොම ද කිව්වොත් අපි මෘදුකාංගයක් හැක් කිරීමෙන් ඊට එකතු කරන අලුත් පහසුකම් එම මෘදුකාංගයේ අලුත් පරම්පරාවක් නිර්මාණය කරනවා. මේ කොහාම වුනත් තමන් හදපු මෘදුකාංගයක් තමන් ඉස්සරහම හැක් කරොත් ඔබට මොනවා හිතෙයි ද ? ලොකු ප්‍රශ්ණයක් ?

_______________________________________________________________________________

17
Jul
08

බිල් ගේට්ස් ට ප්‍රශ්න දහයක්

මේ ලඟදී අපේ තාත්තාගේ ඊ මේල් එක ට මරු ඊ මේල් එකක් ඇවිල්ලා තිබුණා. මේකේ අහලා තියෙන්නේ බිල් ගෙට්ස්ගේ සමාගම විකුණනවා නම් ඔහුට ඊට හේතු වන කරුණු 10 කුයි.

පුද්ගලයා : මම අපේ ගෙදර ට අලුත් කොම්පියුටරවක් ගෙනාවා ඒකේ තියෙන ප්‍රශ්න ටිකක් ඔබට දන්වන්න හිතුණා.

  1. මේකේ “start” බොත්තමක් තියෙනවා ඒත් “stop” බොත්තමක් නැත.
  2. මේකේ රී-සයිකලයක් තියෙනවා ඒත් රී-ස්කූටරයක් නැත.
  3. මෙහි “find” බොත්තමක් තිබුණ ද මගේ බිරිඳ නැති කළ දොරේ යතුර හමු නොවින.
  4. මගේ දරුවා “Microsoft Word” ඉගෙන ගත්ත ද ඔහු ට “Microsoft Sentences” උගන්වනුයේ කෙසේ ද ?
  5. මෙහි “My Pictures” කියා ෆොල්ඩරයක් තිබුණ ද මගේ එකදු රූපයක්වත් මම එහි දමා නැත.
  6. Microsoft Office තිබුන ද මම පරිගනකය භාවිතා කරනුයේ නිවසේ ය.
  7. මෙහි “My Recent Documents” යනුවෙන් ෆෝල්ඩරයක් තිබුණ ද මෙහි “My Past Documents” යනුවෙන් ෆෝල්ඩරයක් නැත.
  8. මෙහි “My Computer” තිබුන ද මෙය මා පමණක් නොව මගේ දරුවන් ද භාවිතා කරයි.
  9. ඔබ මෙහි “My Computer” යනුවෙන් කියූව ද මම මවුසය, ස්පීකරය, කී බෝඩය ආදී සියල්ල මිලදී ගතිමි.
  10. ඔයාගේ නම “Gates” වුන ද ඔබ “WINDOWS” විකුණනුයේ ඇයි ?

_____________________________________________________________________________

12
Jul
08

මයික්‍රෝසොෆ්ට් නවතිනු !

වර්තමාන ලෝකයේ පරිගණකවලින් 90 % ක්ම පාලනය වනුයේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ කැමැත්ත අකමැත්ත අනුව ය. ඒ සියලුම පරිගණක හැසිරවිය යුත්තේ බිල් ‍ගේට්ස්ගේ කැමැත්ත අකමැත්ත මතය. මයික්‍රෝසොෆ්ට් සමාගම තවමත් තමන්ගේ එකඳු පරිගණක  වැඩසටහනක්වත් නිදහස් (open source) ක්‍රමයට පරිවර්තනය කොට නැත. තම ඒකාකාරී කැමැත්ත යටතේ තමන්ගේ අනසකට Bill Gates පරිගණක පරිශීලකයින්ගේ හිස නවා ගැනීමට උත්සුක වන මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරියේ පවතිනBad Vista ප්‍රධානම බාධකය නම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයයි (open source programming). එහෙයින් ඔවුන් මේ බාධකයෙන් පැන යාමට කමන්ගේ සුළු සුළු පරිගණක වැඩසටහන්වල කේත දැන් දැන් එළියට දැමීමට පොරෙ‍ාන්දු වී සිටින්නේ දහසකුත් කොන්දේසි යටතේ ය. නිදහස් පරිගණක වැඩසටහන්කරණයට (open source programming) පවා අගෞරවාකාර ලෙස විවිධ කොන්දේසි පනවන මයික්‍රෝසොෆ්ට් සමාගම මෙයින් බලාපොරොත්තු වනු‍යේ තමන්ගේ වැඩසටහන් තමන්ගේ ම අනසUbuntuක යටතේ  පවත්වා ගැනීම යන්න මාගේ හැඟීමයි. මේ සියල්ලට ම වඩා නිදහස් ලෝකයක වෙසෙන ලිනක්ස් තමන්ට රිසි පරිදි පරිගණකය හැසිරවීමේ නිදහස සැමට පවරා දී තිබේ.ඒ සඳහා කිසිඳු කොන්දේසියක් නැත. ඇති එකම කොන්දේසියනම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයේ (open source programming) අනාගතය රැකගැනීම උදෙසා එම අලුතින් බිහිවන වැඩසටහන ද නිදහස් පරිගණක වැඩසටහන්ක් (open source programming)  විය යුතු ය වීම යන්නයි. ඔවුන්ගේ සියළුම බලතල ඔවුන් අන් අයට පවරා දී ඇතත් ඒ කිසිඳු ආත්ම ගෞරවයක් නොමැති ලෙස නම් නොවේ. ඒ තමන්ගේ ම දිඟුවක් copy please (extension) එකක් යටතේ ය.නමුත් ලිනක්ස්ලා දැන් ඒවා “exe” යන දිඟව (extension) ටත් සරිලන සේ නිර්මාණය කරන්නේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදිය. ලිනත්ස් සියළුම මෙහෙයුම් පද්ධති (operating system) නිදහස් ඒවා වුවද මයික්‍රෝසොෆ්ට් සමාගම නම් කිසිඳු දිනක අඩුම ගණනේ “ඩොස්” “dos” (disk operating system) වලවත් කේත නිකුත් නොකරනු ඇත. මේ තත්වය  යටතේ මයික්‍රෝසොෆ්ට් සමාගමට අඳුරු වළාවක් සේ ලිනක්ස් කඩා පැන බිල් ගේට්ස් එල්ලා මැරීමට පෙර මරා එල්ලමට උත්සුක වනු ඇත යන්න මාගේ හැඟීමයි.

__________________________________________________________________________________________

10
Jul
08

මගෙන් තෑග්ගක්

මම අවුරුදු ගානක් හීන මවල බොහාම අමාරුවෙන් පරිගණක වැඩසටහනක් හැදුවා. ඒකට මගේ යාළුවොත් බොහො වශී වුනා. ඔය ගොල්ලොත් මේක ස්ථාපනය (install) කර ගෙන බලන්න. මේකෙන් කරන්නෙ ‍පරිගණක වෙළුම් (partitions) රූපක අතුරු මුහුණතක  සිට නිර්මාණයයි. මෙම වැඩසටහනේ නම “Virtual Partitioner”. මට තාම අවුරුදු අටයි. ඒ නිසා මම තමයි ලංකාවේ ලාබාලතම පරිගණක වැඩසටහන්කරු. මගේ මේ නිර්මාණය ඔබත් අරගෙන බලන්න.අනික මේක සම්පූර්ණයෙන්ම නිදහස් පරිගණක වැඩසටහනක් (open source program). ඔයගොල්ලාත් මේක බාගෙන (download) කරගෙන කේතවලින් (source codes) අලුත් වැඩියා කරලා මට කියන්න. එතකොට ඒකත් මම මෙතෙන්ටම දාන්නං.

Download Virtual Partitioner Source Codes

Download Virtual Partitioner

programing language – Microsoft (C) Visual Basic (C)

රූප සටහන් – snap shot

පොඩි කට්ට වැඩක් - මේ zip ෆයිල් එකේ extension එක doc කියල වෙනස් කරලයි ඇත්තෙ. download කරල ඉවර වෙලා extension එක zip කියල වෙනස් කරගෙන extract කරගන්න

__________________________________________________________________________________

08
Jul
08

ආයුබෝවන්

” මේ මගේ ජීවිතේ පළවෙනි බ්ලොග් එක. තවම මේ බ්ලොග් එකට ලියන දේවල් ගැන මමවත් දන් නෑ. ඒ වුනාට වැඩියත් එක්ක හිතලනම් තියෙනවා. මම බ්ලොග් කියන ජාතිය දැනගෙනත් තාම වැඩි කාලයක් නෑ.අනික මට තාම අවුරුදු 13 යි. ඒ කියන්නේ 8 වසරේ.වැඩි විස්තර මං ගැන පිටුවේ ඇති.කොහොම වුනත් එදිනෙදා ජීවිතේ ඇතිවන දේවල් සාකච්චා කරන්න මේ තරම් හොඳ තවත් ක්‍රමයක් නෑ. මගේ පළවෙනි බ්ලොග් කියෙව්වාට බොහොම ස්තූතියි. “

____________________________________________________________________________




දින දර්ශනය

July 2008
M T W T F S S
    Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

දිනපොත

නැරඹූවන්

  • 4,446 යි