05
Jul
09

a Virus Found – help! help!

කාලෙ ගැන දැන්නම් කතා කර කර ඉන්න බෑ.වෛරස් ගැන දන්න කෙනෙක් නම් මට උදව් කරන සේකවා.මම ඒ තරම් හුට පටේක ටැපලිලා ඉන්නේ.මෙන්න මේකයි සීන් ටික

පළවෙනි සීනරිය – කනෙක්ෂන් ගන්න ඩයල් කරපු ගමන්
7.tmp
8.tmp
9.tmp
වගේ මුලට ඉලක්කකමක් තියෙන tmp ෆෝමැට් එකේ ෆයිල් එකක් රන් වෙනවා.රන් වෙන පාත් එක WINDOWS ෆෝල්ඩරේ.මේ ෆයිල් ඩීලීට් කළොත් ආයෙ හැදෙනවා.නෝට් පෑඩ් එකට ඩ්‍රැග් කරහම නම් මට තේරුණේ මේ ඇප්ලිකේෂන් එකක් බව.නෝට් පෑඩ්වලින් සිලෙක්ට් ඕල් කරල ඩේටා ටික මකල දැම්මම
7D.tmp
8D.tmp
9D.tmp
විදියට අලුතින් හැදිල රන් වෙනවා
හැබැයි මේක නම් රන් වෙන කොටම කිල් කරොත් ඒ සෙෂන් එකට මේ ලෙඩේ හරි යනවා

දෙවැනි සීනරිය – වින්ඩෝස් වලින් කොහොමත් රන් කරන services.exe වෙනුවට ඩයල් කරහම තවත් එකක් රන් වෙනවා.සාමාන්‍යන් වින්ඩෝස්වලින් කොහොමත් රන් කරන එකේ usage එක 4000 විතර,නමුත් අනිත් එකේ 2000 විතර
මේකේ නම services.exe හින්දා ටාස්ක් මැනේජරෙන් කිල් කරන්න බෑ.ඒකට Tune Up තමයි මම පාවිච්චි කලේ.

තුන් වැනි සීනරිය – මේකත් ඩයල් සීන් එකක් ඩයල් කරහම cmd.exe එහෙමත් නැත්නම් comand prompt එකේ ටාස්ක් 25 විතර එක සැරේ රන් වෙනවා.කිල් කරන්න කරන්න තව රන් වෙනවා.

හතර වැනි සීනරිය – මේක නම් වෛරස් එකක්ද කියන්න දන් නෑ.reader_s.exe කියල එකකුත් ඩයල් කරහම රන් වෙනවා.

වැදගත් – මම මේ ඔක්කොටම පොඩි බේතක් දුන්නා.කුබුන්ටුවලින් මම වින්ඩෝවල cmd.exe එක කරන්නම දෙයක් නැති තැන අයින් කළා.services.exe එකත් අයින් කළා.මොකද බොරු එක තියෙන්නේ WINDOWS ෆෝල්ඩරේ ඇතුලේ,ඇත්ත එක තියෙන්නේ system 32 ඇතුලෙනේ.reader_s.exe එක නම් document & settings හා system 32 යන දෙතැනම තිබ්බ ඒවත් අයින් කළා.ඒත් ඒක ආයෙත් ඩයල් කරහම ඉබේම හැදෙනවා

 +_)(දන්න කෙනෙක් බේතක් කියන්නෝ!@$$%^&*()_+ 

20
Apr
09

Haxxxxxxxxxx හා Niවාඩුව

දවස් ගානක් ලිව්වේ නෑ.මැරතන් දිව්වෙත් නෑ.උද්ඝෝෂණ කරා.මම නෙමේ අපේ අම්මා කොම්පූටරේට එරෙහිව.ඉතිං මම එයාට කළිංම අවුරුදු නිවාඩුවක් දුන්නා.මේ ළඟදි ආයෙ වැඩ පටන් ගත්ත ගත්තමයි පැය 24ම මේක ඉස්සරහ.දැන් මට ඉන්ටනෙට් එකේ කරන්න දෙයක් නෑ කියල හිතු හින්ද හිතුවා මගේ පත් ඉරුවෙ HAXxXxX ගැන ලියන්න.සිංහලෙන්ම තමා හැබැයි.මීට පස්සේ හැම සතියෙම හැක්ස් ගැන ලිපියක් පලවෙයි.

ඒක නෙමේ නිවාඩුව ලෑල්ලට පාගල ගිහිල්ලා.අද අන්තිම දවස.මොනා කොරන්න ද?????????????ඉතිං මේක ලිව්වේ දුකටත් එක්ක.ඒ වගෙමයි ඉස්කෝලේ යන්නත් ආසයි.හැබැයි උදේ පාන්දර නැඟිටින්න කම්මැලියි.:) කොහොමත් මේ සැරේ නිවාඩුව සති දෙකයි නේ.ඒකෙත් හරියට නිවාඩු දවස් 4 යි.දවස් 4 නිවාඩුවක් තියල ඉදගන්නත් මදි.දැන් මම නෙට් එකේ වෙන අස්සක සැරිසරන්න ඕනේ……………මේ ලිපිය දැනට අහවරයි.HaX baලාපොරොත්තු වන්nA…!@#$%^&*()_+|

28
Feb
09

වදකාරෙයක්! උදව් කරන්න………(please read)

අද දවල් ජයන්ත කියල කෙනෙක් කතා කරා.මම අඳුරන්නෙත් නෑ.මූ කියනවා දැන් මම ඉන්නේ කොරියාවෙලු.ඉස්කෝලේ ගියේ නැද්ද?ඔහොම ඔහොම ඕනෙ නැති ප්‍රශ්නත් අහනවා.ඉතින් මම බොහොම අමාරුවෙන් ලයින් එක තිබ්බ.ඊළඟ සැරේ සෙල් එකට ගතිපි.මූ කතා කරනවා කතා කරනවා ඉවරයක් නෑ.මට මල පැන්න.මම කට් කරා.මේ දැන් මූ තුන් වෙනි සැරෙත් කතා කරා වචන දෙකයි කතා කළේ ලයින් එක කට් කළා.මේ සැරේ මූ මට ඊ මේල් එකත් දුන්න.මට මේකා වදයක් වේගෙන එන බව තේරෙන නිසා මම බැනල මේල් 2 ක්ම යැව්ව.

මට පේන්නේ මාව වැරදි මඟකට යොමු කරන්න මගේ ඇඟේ එල්ලෙන්න හදන නරුමයෙක්ද කොහෙ ද? මට මේක දැන් වදයක් වෙලා තියෙන්නේ.මම මොකද කරන්නේ කවුරු හරි උදව් කරනව ද????

මෙන්න විස්තර—

mail = l.jayantha@yahoo.com
number(korea) = 008201058361976

මට කවුරු හරි උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා….

28
Dec
08

෴ නිමි ෴

ඒ මැරතනුත් ඉවර වුණා.නිදිම නිදි මතයි.දැන් නම් යන්න වෙලාව.බොහොම හොඳ අත්දැකීමක් වගේම මාර ආතල් එකක්.හිනා කාලා මැරුණා.එහෙනම් 2008 බ්ලොග් මැරතන් මග් අවසන් සටහනට අවසර

සැමටම සුභ රාත්‍රියක්

27
Dec
08

මැරතන්

මේ නිවාඩුව ගෙවිල ගියෙත් මහ චාටර් විදියට.ඒක හින්ද මේ මැරතන් එක හොඳ ෆ්‍රෙෂ් එකක්.අනික මේක මගේ පළවෙනි මැරතන් දිවිල්ල නොවැ.(හැබැයි දැන්නම් දුවලම හති)ඒ අස්සේ චැට් එකේ උන්දැල පිස්සු නටනව.

27
Dec
08

ලියන්න දෙයක් කම්පනා නොවේ

27
Dec
08

තව පැයා………..යි – මට මතා…………..යි

තව ඉන්න පුළුවන් ටික ඉඳල නිදා ගන්නවා.අයිය නම් ඉන්න පුටුවෙම නිදි :)

27
Dec
08

නිදිත්මතයි

නිදිමතයි,කොහෙද නිදාගන්න දෙනවයෑ කාලිංග අයිය කෑ ගහනව නොවැ

27
Dec
08

සිංහල පිස්සු මැරතන්

27
Dec
08

Start button එකේ නම වෙනස් කරමු

xpවල start බට්න් එකේ නම වෙනස් කරන්න මාර ලේසියි,ඉස්සේල්ම Res Hacker(http://delphi.icm.edu.pl/ftp/tools/ResHack.zip) කියන හැක් කරන මෘදුකාංගය අරගෙන ඒකට C:\Windows\ ඇතුළේ explorer.exe ෆයිල් එක ඩ්‍රැග් කරල.String Tableවල 37හි 578යි,38හි 595 යි ඔයගොල්ලන්ට ඕන නමකට වෙනස් කරන්න.ඊට පස්සේ ටාස්ක් මැනේජර්වලින් explorer task එක එන්ඩ් කරල Res Hackerවලින් අර ෆයිල් එක සේව් කරන්න.ඊටත් පස්සේ ආයි Task Manager ගිහිල්ලා explorer ටාස්ක් එක නැවත අරඹන්න.පරන තත්වෙට ගන්න ඕනෙ නම් වින්ඩෝස් ෆෝල්ඩරේ හැදිල ඇති explorer_original කියල ෆ‍යිල් එකක්.ඒක රීප්ලේස් කරන්න.




දින දර්ශනය

July 2009
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

දිනපොත

නැරඹූවන්

  • 4,159 යි